1966 නොවැම්බර් 4 වෙනිදා, ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරය හරහා විනාශකාරී ගංවතුරක් ගලා ගිය අතර, ජෝර්ජියෝ වසාරි ගේ සුප්‍රසිද්ධ කලා කෘතිය වූ “අවසාන රාත්‍රී භෝජනය” – පැය දොළහකට වැඩි කාලයක් මඩ, ජලය සහ රත් වී තිබූ තෙල් මිශ්‍රණයකට යට වී තිබුණි. එහි තීන්ත මෘදු වී එහි ලී රාමුව සැලකිය යුතු ලෙස හානි වීමත් සමඟ බොහෝ දෙනා විශ්වාස කළේ එම පින්තාරුව අලුත්වැඩියා කළ නොහැකි බවයි. කෙසේ වෙතත්, වසර පනහක වෙහෙසකර සංරක්ෂණ ප්‍රයත්නයකින් පසුව, විද්වතුන් සහ ස්වේච්ඡා සේවකයන් බාධක ජයගෙන වටිනා චිත්‍රය ප්‍රතිෂ්ඨාපනය කිරීමට සමත් විය.

බබිලෝනිවරුන් ඊශ්‍රායෙලය යටත් කර ගනිද්දී, මිනිසුන්ගේ බලාපොරොත්තු සුන් වී ගියේ මරණයෙන් හා විනාශයෙන් ඔවුන් වටවී තිබූ අතර ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය වී තිබුණු හෙයිනි (විලාප ගී 1 පරිච්ඡේදය බලන්න). මෙම කැලඹිලි සහිත කාල පරිච්ඡේදයේදී, දෙවියන්වහන්සේ අනාගතවක්තෘ එසකියෙල්ව මිටියාවතකට ගෙන ගොස් වියළි ඇටකටු වලින් ඔහු වටවී සිටි දර්ශනයක් ඔහුට පෙන්නූ සේක. “මනුෂ්‍ය පුත්‍රය, මේ ඇට ජීවත් වේද?” කියා දෙවියන්වහන්සේ ඇසූ සේක. එවිට එසකියෙල්: “ස්වාමීවූ දෙවියන්වහන්ස, එය දන්නේ ඔබ”යැයි පිළිතුරු දුන්නේය (එසකියෙල් 37:3). එවිට දෙවියන්වහන්සේ ඔහුට පැවසුවේ ඇටකටු නැවත ජීවත් වන පණිස ඒවාට අනාවැකි කියන ලෙසටයි. එසකියෙල් විස්තර කළේ “මා අනාගත වාක්‍ය කියද්දී ශබ්දයක් ද භුමිකම්පාවක් ද විය, එක එක ඇටය ස්වකීය ඇටවලට ළං විය” (7 පදය). මෙම දර්ශනය තුළින් දෙවියන්වහන්සේ එසකියෙල්ට හෙළි කළේ ඉශ්‍රායෙල් දේශයේ පුනරුත්ථාපනය පැමිණිය හැක්කේ උන්වහන්සේ තුළින් පමණක් බවයි.

ජීවිතයේ දේවල් කැඩී ගොස් ඇති බව සහ අලුත්වැඩියා කළ නොහැකි බව අපට හැඟෙන විට, අපගේ කැඩුණු කොටස් දෙවියන්වහන්සේට නැවත ගොඩනැගිය හැකි බවට උන්වහන්සේ අපට සහතික කරන සේක. උන්වහන්සේ අපට නව හුස්මක් සහ නව ජීවිතයක් ලබා දෙන සේක.