මුහුදෙන් සහ ගොඩබිමින් විශ්වාස කළ නොහැකි සැ: 5,525 ක් දික්වූ ලෝකයේ දීර්ඝතම දේශ සීමාව එක්සත් ජනපදය සහ කැනඩාව අතර වැටී තිබුණි. මායිම නොවරදින පිණිස සේවකයින් නිරතුරුවම මායිම දෙපස ගස් අඩි දහසක් පමණ ඉවත් කරයි. එළි කරන ලද මෙම තීරුව “සිඳ බිඳ” යනුවෙන් හඳුන්වනු ලැබීය. ගල් පුවරු අටදහකින් පමණ බිම් තීරුව ලකුණු කරනු ලැබුවේ බෙදීමේ මායිම කොතැනද කියා අමුත්තන්ට සෑම විටම දැන ගැනීමට හැකි වන ලෙසටය.

“සිඳ බිඳ” යන වනයේ භෞතික එළි පෙහෙළි කිරීම නියෝජනය කරන්නේ රජයන් සහ සංස්කෘතීන් අතර වෙනසයි. යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන් වන අප බලාපොරොත්තු වන්නේ දෙවියන්වහන්සේ එය කණපිට හරවා උන්වහන්සේගේ පාලනය යටතේ ලෝකයේ සියලු ජාතීන් එක්සත් කරන බවයි. අනාගතවක්තෘ යෙසායා අනාගතය ගැන පැවසුවේ උන්වහන්සේගේ මාලිගාව ස්ථිරව පිහිටුවනු ලැබ උසස් වන බවයි (යෙසායා 2:2). දෙවියන්වහන්සේගේ මාර්ගය දැන ගැනීමට සියලු ජාතීන් එකතු වී “උන්වහන්සේගේ මාවත්වල” යනු ඇත (3 පදය). සාමය පවත්වා ගැනීමට අපොහොසත් මනුෂ්‍ය උත්සාහයන් තුළ ඔවුන් තවදුරටත් නොයැපෙනු ඇත. දෙවියන්වහන්සේ අපගේ සත්‍ය රජු වශයෙන් ජාතීන් අතරේ විනිශ්චය කොට බොහෝ ජනයන්ගේ කාරණා නිශ්චය කරන සේක (4 පදය).

බෙදීම් සහ ගැටුම් නොමැති ලොවක් ගැන සිතීමට ඔබට හැකිද? දෙවියන්වහන්සේ පොරොන්දු වන්නේ එවැනි ලොවක් ගෙන ඒමටය. අප වටා ඇති අසමගිය මධ්‍යයෙහි පවා අපට “ස්වාමින්වහන්සේගේ එළියෙහි ගමන්” කරමින් (5 පදය) අපගේ පක්‍ෂපාතිත්වය උන්වහන්සේට දීමට අපි තෝරා ගනිමු.දෙවියන්වහන්සේ සියල්ල කෙරෙහි පාලනය කරන බවත් උන්වහන්සේ ස්වකීය සෙනග එක් දිනකදී එක් ධජයක් යටතේ එක්සත් කරන බවත් අපි දනිමු.