ක්‍රිස්තුස්වහන්සේ තුළ තබා තිබූ ඇදහිල්ල නිසා ආදි සභා පියෙකු වන පොලිකාප්ට ගිනි තබා මැරීමේ තර්ජනයක් ඉස්මතු විය. “වසර අසූහයක් මම උන්වහන්සේගේ සේවකයෙක්ව සිටියෙමි. උන්වහන්සේ මට කිසි වරදක් කර නැත. මා ගැළවූ මගේ රජුට දැන් මම අපහාස කරන්නේ කෙසේද?” කියා ඔහු පිළිතුරු දුන්නේය. අපගේ රජු වන යේසුස්වහන්සේ තුළ ඇදහිල්ල නිසා අපට ආන්තික පරීක්‍ෂා එන විට පොලිකාප්ගේ ප්‍රතිචාරය අපට ධෛර්යයක් වනු ඇත.

යේසුස්වහන්සේගේ මරණයට පැය කිහිපයකට පෙර පේත්‍රැස් නිර්භීතව යේසුස්වහන්සේ කෙරෙහි පක්‍ෂපාතිත්වය ප්‍රකාශ කළේය. “ඔබ නිසා මාගේ ජීවිතය දෙමි” (යොහන් 13:37). පේත්‍රැස් ඔහු ගැන දන්නවාට වඩා පේත්‍රැස් ගැන දැන සිටි යේසුස්වහන්සේ “සැබවක් සැබවක් නුඹට කියමි. නුඹ මා නාඳුනමියි තුන්වරක් කියන තෙක් කුකුළා හඬලන්නේ නැතැයි කී සේක” (38 පදය). කෙසේ වෙතත් යේසුස්වහන්සේගේ නැවත නැගිටීමෙන් පසුව උන්වහන්සේව නොදන්නවා කී කෙනාම දිරිමත්ව උන්වහන්සේට සේවය කර අවසානයේ ඔහුගේ මරණය තුළින් උන්වහන්සේව මහිමයට පත් කළේය (21:16-19 බලන්න).

ඔබ පොලිකාප් කෙනෙක්ද පේත්‍රැස් කෙනෙක්ද? අප අවංක නම් අපගෙන් බොහෝ දෙනෙකු ධෛර්යය බිඳ වැටී ඇති යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතෙක් ලෙස ගෞරවාන්විතව කථා කිරීමට හෝ ක්‍රියාකිරීමට සමහර විට අපොහොසත් වන පේත්‍රැස්ලාය. පංති කාමරයක, පාලක රැස්වීම් ශාලාවක හෝ වෙනත් ස්ථානයක හෝ ඇතිවන එවැනි අවස්ථා අපට නිරතුරු නිර්වචනය කිරීම අවශ්‍ය නැත. එවැනි පරාජයන් සිදුවූ විට යාච්ඤාවෙන් ඒවා ගසා දමා අප වෙනුවෙන් මිය ගිය සහ අප වෙනුවෙන් ජීවත් වන යේසුස්වහන්සේ වෙත හැරිය යුතු වන්නෙමු. දෛනික අසීරු ස්ථානවල උන්වහන්සේට විශ්වාසවන්තව සහ ධෛර්යයවත්ව ජීවත් වීමට උන්වහන්සේ අපට උපකාර කරන සේක.