නිවාඩුවක් ගත කිරීමට උපදෙස් කිහිපයක් මෙන්න : ඊළඟ වතාවේ ඔබ එඩිල්ටන් විස්කොන්සින් හරහා ගමන් කරන විට ජාතික අබ කෞතුකාගාරය බැලීමට ඔබට අවශ්‍ය වනු ඇත. එක් අබ වර්ගයක් උවමනාවටත් වඩා යයි සිතන අපට ලෝකයේ නන් දෙසින් ගෙන එන ලද විවිධ ප්‍රභේද 6,090 ක් දැකීම මවිත කරවන සුළුය. ටෙක්සාස් හී මැක්ලියන් කටුකම්බි කෞතුකාගාරය වටා යන විට වැටවල් ගැන එතරම් ඇල්මක් සෙනගට ඇති බව දැන ඔබ විස්මයට පත් වනු ඇත.

එය අපට පවසන්නේ වැදගත් යයි අප තෝරා ගන්නා විවිධ දේවල්ය. එක් කර්තෘ වරයෙක් පවසන්නේ කෙසෙල් කෞතුකාගාරයේ සන්ධ්‍යාවක් ගත කිරීමට වඩා කාලය නාස්ති කිරීමක් නැති තරම් බවයි (අප වෙනස් අදහස් දැරිය හැකි වූවත්).

අපි විනෝදයෙන් සිනහසෙමු. නමුත් අප අපටම ආවේනික වූ අපම සාදා ගත් රූප සමරන අපගේ හදවතේ කෞතුකාගාර පවත්වා ගෙන යන බව යටහත්ව පිළිගනිමු. දෙවියන්වහන්සේ අපට මෙසේ උපදෙස් දෙන්නේ : “මා ඇර අන් දෙවිවරුන් නුඹට ඇතුව නොසිටුව” (නික්මයාම 20:3) සහ “ඊට නමස්කාර නොකරව. සේවය නොකරව” (20:4) කියාය. වස්තුව හෝ තෘෂ්ණාව හෝ සාර්ථකත්වය හෝ අප රහසේ නමස්කාර කරන හිස් තැනක් පුරවන වස්තුවක් හෝ වැනි අපගේම දෙවිවරු අපි සාදා ගන්නෙමු.

මෙම ඡේදය කියවා ප්‍රධාන කරුණ මග හරවා ගැනීම පහසුය. එසේය. අප මවා ගන්නා පාපකාරී කෞතුකාගාර ගැන අප දෙවියන්වහන්සේට ගණන් දිය යුතු වන්නෙමු. එසේම උන්වහන්සේ “මට ප්‍රේමකරමින් මගේ අඥා පවත්වන්නවුන්ගෙන් පැවතෙන දහස් ගණන් පරම්පරා දක්වා දයාව පෙන්වන දෙවි කෙනෙක්ය” යයි පවසන සේක (6 පදය). අපගේ “කෞතුකාගාර” කෙතරම් කුඩාද කියා උන්වහන්සේ දන්නා සේක. අපගේ සැබෑ තෘප්තිය පවතින්නේ උන්වහන්සේ කෙරෙහි පවතින අපගේ ප්‍රේමය මත බව උන්වහන්සේ දන්නා සේක.