2010 හි ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට එල්ල වූ සුනාමියෙන් සෙනග හාරසිය ගණනකට වඩා මිය ගියහ. නමුත් සුනාමි අනතුරු ඇඟවීමේ ජාලය හරියාකාරව ක්‍රියා කළේ නම් මරණ සංඛ්‍යාව වළක්වා ගැනීමට හෝ අඩු කර ගැනීමට හැකියාව තිබුණි. සුනාමිය ගැන දැන ගන්නා ජාලය වෙන්වී ගසා ගෙන ගොස් තිබුණි.

පසුතැවිලි නොවූ පාප ඇතුළත්ව ආත්මික සහෘද ශ්‍රාවකයන්ට හානි කරන දේවල් ගැන අනතුරු ඇඟවීමේ වගකීමක් තම ගෝලයන්ට ඇති බව යේසුස්වහන්සේ පැවසූ සේක. ඇදහිලිවතෙකුට විරුද්ධව පාපයක් කළ අයෙකුට යටහත්ව, පුද්ගලිකව, යාච්ඤාවෙන් ඒ වරද පෙන්වා දෙන ආකාරය ගැන සැකිල්ලක් යේසුස් වහන්සේ දුන් සේක (මතෙව් 18:15). එම පුද්ගලයා පසුතැවිලි වුවහොත් ගැටුම සමථයකට පත් වී සම්බන්ධතාවය ස්ථාපිත වන්නේය. ඇදහිලිවන්තයා ප්‍රතික්‍ෂේප කළහොත් “එක්කෙනෙකු හෝ දෙදෙනෙකුට” ගැටුම නිරාකරණය කිරීමට උපකාර කළ හැකිය (16 පදය). පව් කළ තැනැත්තා ඒත් පසුතැවිලි නොවේ නම් “සභාව” ඉදිරියට කාරණාව ගෙන ආ යුතු වේ. පව් කළ තැනැත්තා තවදුරටත් පසුතැවිලි නොවේ නම් සහභාගිත්වයෙන් ඔහුව ඉවත් කළ යුතුය. නමුත් ඔහු/ඇය වෙනුවෙන් තව දුරටත් යාච්ඤා කරමින් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය පෙන්නුම් කළ හැකිය.

යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන් ලෙස පසුතැවිලි නොවන පාපයෙහි ඇති භයංකාරත්වය ගැන ප්‍රේමයෙන් එකිනෙකාට අනතුරු ඇඟවීමටද නැවතත් ස්වර්ගීය පියාණන් සහ අන් අය සමග සහභාගිත්වය ප්‍රතිෂ්ඨාපනය වූ විට ලැබෙන ප්‍රීතිය ගැන කීමටද අවශ්‍ය ප්‍රඥාව සහ ධෛර්යය ඉල්ලා යාච්ඤා කරමු. අප එසේ කරන විට උන්වහන්සේ “අප සමග…. එතැන” සිටින සේක.