මම කවර කිහිපයක් අවුස්සමින් සිටින විට “මම ඇස් පරීක්‍ෂණයක් කළෙමි” යනුවෙන් සඳහන් ස්ටිකරයක් ඇස ගැටුණු අතර මතකයන් ගලා ගෙන ආවේය. ඇස්වලට දැමු බෙහෙත් වල වේදනාව දරා ගත් පසු මගේ සිව් හැවිරිදි පුත්‍රයා අහංකාරයෙන් එම ස්ටිකරය පැළඳ ගෙන සිටින ආකාරය මම මනසින් මවා ගත්තෙමි. ඇස් මාංශ පේශීන්ගේ දුර්වලතාවයක් නිසා හොඳ ඇස මත පැය කිහිපයක් වැස්මක් දමා ගෙන සිටීමට ඔහුට සිදු වූයේ ඒ මගින් දුර්වල ඇස වර්ධනය වීම බාලකිරීම පිණිසය. එසේම ඔහුට ශල්‍ය කර්මයක්ද අවශ්‍ය විය. ඔහු මේ එක් එක් අභියෝගයට මුහුණ දුන්නේ දෙමාපියන් වන අපගේ සහනය සඳහා යැපෙමින් දරුවෙක්ට ඇති ඇදහිල්ලෙන් දෙවියන්වහන්සේ දෙස බැලීමෙනි. මේ අභියෝග තුළින් ඔහු දරා ගැනීම වර්ධනය කර ගත්තේය.

පරීක්‍ෂාවන් සහ වේදනාවන් තුළින් යන අය බොහෝ විට අත්දැකීම් වලින් වෙනස් වෙති. අපෝස්තලු පාවුල් තවත් ඉදිරියට ගොස් පවසන්නේ “පීඩාවලින් ප්‍රීතිමත් වෙමුව” කියාය. ඊට හේතුව ඒවා තුළින් අපි ඉවසිල්ල වර්ධනය කර ගන්නා නිසාය. ඉවසිල්ල සහ සහතිකකමද සහතිකකම සමග බලාපොරොත්තුවද පැමිණෙන්නේය (රෝම 5:3-4). නැව් බිඳීමෙන් පමණක් නොව ඇදහිල්ල නිසා සිරගත වීම තුළිනුත් පාවුල් අනිවාර්යයෙන්ම පරීක්‍ෂාවන් ගැන දැන සිටියේය. එහෙත් ඔහු රෝමයේ සිටින ඇදහිලිවතුන්ට ලීවේ “බලාපොරොත්තුව ලජ්ජාවට නොපමුණුවන්නේය. මක්නිසාද අපට දෙන ලද ශුද්ධාත්මයාණන්වහන්සේ කරණ කොට ගෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපගේ හෘදවල වගුරුවන ලද්දේය” (5 පදය) යනුවෙනි. අපි දෙවියන්වහන්සේ මත අපගේ විශ්වාසය තබන විට උන්වහන්සේගේ ආත්මයාණන් යේසුස්වහන්සේ තුළ අපගේ බලාපොරොත්තුව ජීවමානව තබන බව අපෝසතලු වරයා දැන සිටියේය.

ඔබ කුමන අමාරුකම්වලට මුහුණ දුන්නද දෙවියන්වහන්සේ උන්වහන්සේගේ අනුග්‍රහය සහ දයාව ඔබ මත වගුරුවන බව දැන ගන්න. උන්වහන්සේ ඔබට ප්‍රේම කරන සේක.