ජීවිතයේ අලංකාරය සහ කෙටිභාවය මතක් කර දෙන දෙයක් මාගේ ඉස්සරහ ගෙවත්තේ වැවේ. පසුගිය වසන්ත සෘතුවේදී මගේ භාර්යාව චන්ද්‍ර පුෂ්ප වැල් කිහිපයක් එහි පැල කළාය. ඊට එසේ නම් තබා ඇත්තේ සඳට සමාන විශාල සුදු රවුම් මල් නිසාය. එක් එක් මල එක් රාත්‍රියකදී පිපී පසුදා උදෑසන හිරුගේ දීප්තිය නිසා වියළී යන්නේ කිසිදා නැවත නොපිපෙන ලෙසය. නමුත් වැල බොහෝ මල් නිපදවන හෙයින් සෑම සන්ධ්‍යාවකම නැවුම් මල් පේළියක් ඉදිරිපත් කරයි. අප යන එන ගමන් ඒවා දෙස බැලීමට ප්‍රිය කළෙමු. අපි නැවත එන විට කුමන අලංකාරයක් අපව පිළිගනීද කියා අපි සිතන්නෙමු.

මේ වියළෙන මල් දේව වචනයේ වැදගත් සත්‍යයක් අපගේ මතකයට නංවයි. අපෝස්තලු පේත්‍රැස් අනාගතවක්තෘ යෙසායාගේ වචන මතකයට ගෙන එමින් “මක්නිසාද නුඹලා කුණුවෙන්නාවූ බීජවලින් නොව දෙවියන්වහන්සේගේ ජීවමානවූ පවතින්නාවූ වචනය කරණකොටගෙන, කුණු නොවෙන්නාවූ බීජවලින් නැවත උත්පාදකරනු ලැබුවහුය. කුමක්හෙයින්ද: මාංසමයවූ සියල්ලෝම තණකොළ මෙන්ය, ඔවුන්ගේ මුළු තේජස තණමල මෙන්ය. තණකොළ වියළීයයි, මල් වැටේ” (1 පේත්‍රැස් 1:23-24) යනුවෙන් ලිවීය. නමුත් දෙවියන්වහන්සේගේ වචනය සදා කාලයටම පවතින බවට ඔහු සහතිකයක් දෙයි (25 පදය).

සදාකාලය සමග සසඳන විට අපගේ මෙලොව ජීවිතය උයනක මල් මෙන් ඉතා කෙටිය. නමුත් දෙවියන්වහන්සේ අපගේ කෙටි කාලයට අලංකාරය කථා කර තිබේ. නමුත් යේසුස්වහන්සේගේ ශුභාරංචිය තුළින් අපි දෙවියන්වහන්සේ සමග නැවුම් ආරම්භයක් ඇති කර ගනිමින්ද උන්වහන්සේගේ පොරොන්දුවට අනුව උන්වහන්සේගේ ප්‍රේමණීය අභිමුඛයේ අසිමිත ජීවිතයක් ගැනද විශ්වාස කරන්නෙමු.