ලෝකයේ දුප්පත්ම රටකට ගොස් එහි සිටින සේවය කරන යුවළයන් දිරිමත් කිරීිමට යන ගමන යථාර්ථයක් වූ ගැටුම්, භයංකරකම් සහ අපහසුතාවයන්ට නතර කිරීමට ජිමි ඉඩ දුන්නේ නැත. ඔහු අපගේ කණ්ඩායමට එවූ අඛණ්ඩ විද්‍යුත් පණිවුඩ ඔහු මුහුණ දුන් අභියෝග එළිදරව් කළේය. “හරි සහෝදරවරුනි, යාච්ඤා කාලය ක්‍රියාත්මක කරන්න. පසුගිය පැය දෙකේදී අපි සැතපුම් දහයක් ගොස් තිබුණි. වාහනය දොළොස් වතාවකට වඩා රත් වුනි”. ගමන් ගැටළු නිසා පැය පහක පමණ කාලයක් බලා සිටි අයට දේශනා කිරීම සඳහා ඔහු එහි යන්නට ඇත්තේ මධ්‍යම රාත්‍රියට ළංවීය. පසුව වෙනත් ස්වරයකින් අපට පණිවුඩයක් ලැබුණි. “විස්මිතයි. සහභාගිත්වයේ මනහර කාලයක් ……. දොළොස් දෙනෙක් පමණ යාාච්ඤාවට ඉදිරියට පැමිණියහ. එය බලවත් රාත්‍රියකි”.

දෙවියන්වහන්සේට විශ්වාසවන්තව සේවය කිරීම අභියෝගාත්මකය. හෙබ්‍රෙව් 11 හි දැක්වෙන ඇදහිල්ලේ වීරයන් එකඟ වනු ඇත. දෙවියන්වහන්සේ තුළ ඇදහිල්ල නිසා පෙළඹීම ලැබූ සාමාන්‍ය පුරුෂයන් සහ ස්ත්‍රීන් අසීරු මිණිය නොහැකි අවස්ථාවන්ට මුහුණ දුන්හ. “තවත් අය සරදම් වලින්ද, පහර වලින්ද, එසේය, බැඳුම්වලින් සහ හිරගෙයි දමනු ලැබීමෙන්ද පරීක්‍ෂා කරනු ලැබුවෝය” (36 පදය).ඔවුන්ගේ ඇදහිල්ල අවදානම් ගැනීමටද ප්‍රතිඵලය සඳහා දෙවියන්වහන්සේ කෙරෙහි යැපීමටද ඔවුන්ට බලකරන ලදී. අප ගැනද එය සත්‍යයකි. අපගේ ඇදහිල්ල ජීවත් කරවීමට අප දුර ස්ථානවලට ගෙන නොයනු ඇත. නමුත් එය අපව පාරෙන් එහා පැත්තට හෝ විශ්ව විද්‍යාලයේ එහා කොණට හෝ ආපන ශාලාවේ හෝ පාලක මණ්ඩල කාමරයේ හෝ හිස් පුටුවකට ගෙන යනු ඇත. අවදානම්ද? සමහර විට. නමුත් දෙවියන්වහන්සේ අපට උපකාර කරන හෙයින් අප ගන්නා අවදානමේ ප්‍රතිඵල දැන් හෝ පසුව වටිනාකමකින් යුක්ත වන්නේය.