ගෝලීය වසංගතය නිසා අපගේ පවුලේ අයව නිරෝධායනය කර තිබුණද අපි ඉලක්කයක් ඇති ව්‍යාපෘතියක් භාර ගතිමු. ඒ කැබලි දහඅට දහසක ප්‍රහේලිකාවකි. අපි දිනපතා පාහේ වැඩ කළද වැඩි ප්‍රගතියක් ලැබෙන බවක් අපට හැඟුණේ නැත. අප ආරම්භ කර මාස පහකට පසුව අපගේ කෑම කාමරයේ සම්පූර්ණ බිම ආවරණය කළ අඩි 9×6 ක් වූ ප්‍රහේලිකාවේ අවසන් කැබැල්ල සවි කිරීමේ ප්‍රීතිය සැමරුවෙමු.

සමහර විට මගේ ජීවිතය යෝධ ප්‍රහේලිකාවක් යැයි මට හැඟේ. බොහෝ කැබලි නිසි ස්ථානයේ තිබුණත් තවත් බොහෝමයක් පොළොවේ ව්‍යාකූලව තිබේ. යේසුස්වහන්සේ මෙන් වීම පිණිස දෙවියන්වහන්සේ මාව වෙනස් කරමින් සිටින බව මම දැන සිටියද සමහර විට මම විශාල ප්‍රගතියක් නොදකිමි.

ඔවුන් කරන යහපත් ක්‍රියා නිසා පාවුල් ඔවුන් සියල්ලන් උදෙසා ප්‍රීතියෙන් යාච්ඤා කරන බව දන්වමින් පිලිප්පි වරුන්ට ලියූ ලිපියේ පාවුල්ගේ දිරිමත් කිරීමෙන් මම මහත් සහනයක් ලැබුවෙමි (1:3-4). නමුත් ඔහුගේ ස්ථිරතාවය පැමිණියේ ඔවුන්ගේ හැකියාවන් නිසා නොව “යහපත් වැඩක් පටන්ගත් උන්වහන්සේ ….. ඒක සම්පූර්ණ කරන සේකැයි” (6පදය) යන විශ්වාසය මතය.

අප තුළ පටන්ගත් ක්‍රියාව අවසන් කරන බවට දෙවියන්වහන්සේ පොරොන්දු වූ සේක. ප්‍රහේලිකාවේ මෙන් අපගේ අවධානයට අවශ්‍ය කොටස් තිබිය හැකිය. එසේම වැඩි ප්‍රගතියක් නොමැති බවද අපට හැඟී යා හැකිය. නමුත් අපගේ විශ්වාසවන්ත දෙවියන්වහන්සේ තවමත් කැබලි එකට එකතු කරමින් සිටින බවට අපට විශ්වාස කළ හැකිය.