මිනිසෙකු සතුව බිට් කොයින් ජාලයේ ඩොලර් මිලියන 400 ක් තිබුණත් එයින් සතයක්වත් ලබා ගැනීමට ඔහුට නොහැකි විය. ඔහුගේ අරමුදල් ගබඩා කර ඇති උපකරණයේ රහස් අංකය සොයා ගත නොහැකි වූ නිසා විනාශය ලෙල දුන්නේය. උත්සාහයන් දහයකට පසුව උපකරණය ස්ව-විනාශයට පත්වේ. සදාකාලයටම නැති වුන වස්තුවකි. දශකයක් පුරා ඒ මනුෂ්‍යයා තමාගේ ජීවිතය වෙනස් කළ හැකි ආයෝජනයේ රහස් අංකය මතක් කර ගැනීමට උත්සාහ කළේය ඔහු රහස් අංක අටක් භාවිතා කර අට වතාවක් පරාජය වුනි. 2021 දී ඔහු විලාප නැගුවේ සියල්ල විනාශ වීමට පෙර ඔහුට ඇත්තේ තව අවස්ථා දෙකක් පමණක් බව පවසමිනි.

අප අමතක වන සෙනගක්ය. සමහර විට සුළු දේවල් (යතුර තැබූ තැන) හෝ තවත් සමහර විට අති විශාල දේවල් (මිලියන ගණනක් විවෘත කරන රහස් අංකය) හෝ අපට අමතක වේ. අපට ස්තුතිවන්ත විය හැක්කේ දෙවියන්වහන්සේ අප මෙන් නොවන නිසාය. දේවල් හෝ උන්වහන්සේට ප්‍රේම කරන සෙනග හෝ උන්වහන්සේට කිසිදා අමතක නොවන්නේය. කරදර කාල වලදී දෙවියන්වහන්සේ තමන්ව අමතක කර දමා ඇතැයි ඊශ්‍රායෙල් සෙනග කල්පනා කළහ. “යෙහොවා වහන්සේ මා අතහැරිය සේක. ස්වාමින්වහන්සේ මා මතක නැති කළ සේකැයි” (යෙසායා 49:14) ඔවුහු කීහ. යෙසායා සහතික කරන්නේ ඔවුන්ගේ දෙවියන්වහන්සේට ඔවුන්ව සැම විටම මතක තිබෙන බවයි. මවකට “ඇගේ කිරි දරුවා මතක නැති කරන්ට ඈට පුළුවන්ද?” කියා යෙසායා ප්‍රශ්න කරයි. ඇත්තෙන්ම මවක් කිසි දිනෙක කිරි දරවා අමතක නොකරන්නීය. එහෙත් එවැනි මෝඩකමක් මවක් කළත් දෙවියන්වහන්සේ අපව කිසි විටෙක අමතක නොකරන බව අපි දනිමු (15 පදය).

“බලව, මම මාගේ අතුල්වල නුඹ කොටාගතිමි” (16 පදය) කියා දෙවියන්වහන්සේ කියන සේක. දෙවියන්වහන්සේ උන්වහන්සේ තුළට අපගේ නම් ඇතුල් කර තිබේ. උන්වහන්සේ ප්‍රේම කරන අපිව උන්වහන්සේට අමතක කළ නොහැකි බව අපි මතක තබා ගනිමු.