මගේ කුඩා කාලය නිවසේ ගරාජයේ වූ බොහෝ මතකයන්ගෙන් යුක්තය. සෙනසුරාදා උදෑසන මාගේ පියා අපගේ මෝටර් රථය ගෙදරට එන පාළු පාරේ නවත්වන්නේ මගේ ප්‍රියතම ව්‍යාපෘතිය වන අපට හමුවුනු සෙල්ලම් කරත්තයේ වැඩ කිරීමට ඉඩ ලැබෙන පිණිසය. ඒ ගරාජය තුළ අපි එයට අලුත් රෝදද වාතය මුවා ප්ලාස්ටික් ආවරණයක්ද ඇලෙව්වෙමි. පියා පාරේ වාහන එනවාදැයි බලා සිටි අතර මම මහත් උනන්දුවෙන් නිවසට එන පාරේ එහා මෙහා වේගයෙන් රථය පැදවූයෙමි. නැවත හැරී බලන විට සෙල්ලම් කරත්ත හදනවාට වඩා දේවල් එම ගරාජය තුළ සිදුවූ බව මට දැනේ. ඒ වෙනුවට කුඩා පිරිමි දරුවෙකුව තම පියා විසින් හැඩ කළ ආකාරයද එම ක්‍රියාවලිය තුළ දෙවියන්වහන්සේ ගැන ඡායාවක්ද තිබුණි.

මනුෂ්‍ය වර්ගයා දෙවියන්වහන්සේගේ ස්වභාවය අනුව හැඩ ගැසී ඇත (උත්පත්ති 1:27-28). එසේම මනුෂ්‍යය මාපියකරණයද උන්වහන්සේ තුළ ආරම්භ විය. මක්නිසාදයත් “ස්වර්ගයෙහිද පොළොවෙහිද ඒ ඒ (පවුලට) නම් දෙන්නාවූ පියාණන්වහන්සේ” (එපීස 3:14-15)උන්වහන්සේ වන හෙයිනි. දෙවියන්වහන්සේගේ ජීවනය දීමේ හැකියාවන් අනුකරණය කරමින් දෙමාපියන් ලෝකයට දරුවන් උත්පාදනය කරන්නේද ඔවුන් පෝෂණය කර ආරක්‍ෂා කරන්නේද ඔවුන් තුළ මූලාශ්‍රවී ඇති ගුණාංග නිසා නොව දෙවි පියාණන් තුළ ඇති ගුණාංගයන්ය. සෑම මාපියකරණයක් තුළම ගැබ්වී ඇත්තේ උන්වහන්සේගේ ආදර්ශයය.

මගේ පියා සම්පූර්ණ කෙනෙක් නොවීය. අනෙක් සෑම මවෙක් සහ පියෙක් ලෙස ඔහුද ස්වර්ගය අනුගමනය කිරීමට අපොහොසත් වුනි. නමුත් බොහෝ විට දෙවියන්වහන්සේව අනුකරණය කළ විට දෙවියන්වහන්සේගේම නඩත්තුවේ සහ ආරක්‍ෂාවේ ඡායාවක් ගරාජයේ සෙල්ලම් රථය සාදන විටදීත් මම දුටුවෙමි.