එක් කණ්ඩායමක තිදෙනා බැගින් වූ දුසිමක කණ්ඩායමක් පාද හතරේ තරඟයට සුදානම්ව උරෙන් උර ගැටී සිටියහ. පිට සිටින පුද්ගලයාව මැද සිටින පුද්ගලයාට වර්ණවත් පටිවල ආධාරයෙන් විලුඹ සහ දණහිස් ආසන්නයෙන් බැඳ තිබුණි. සෑම තුන්දෙනාම බලා සිටියේ අවසන් කණුව දෙසය. නලාව ශබ්ද වූ වහාම කණ්ඩායම් ඉදිරියට පැන්නෝය. බොහෝ දෙනෙක් වැටී නැවත නැගිටීමට පොර බැදූහ. ස්වල්ප දෙනෙක් ඇවිදින්නේ නැතුව පැන පැන යාමට තීරණය කළහ. සමහරු අත්හැරියහ. නමුත් එක් කණ්ඩායමක් තම ආරම්භය ප්‍රමාද කර ඔවුන්ගේ සැළැස්ම ස්ථිර කර ගනිමින් ඉදිරියට යන අතර තුරදී අදහස් හුවමාරු කර ගත්හ. ඔව්හු මාර්ගයේදී පැකිළුණ නමුත් ඉදිරියටම යමින් ඉක්මණින් අනිත් සියලුම කණ්ඩායම් පසු කළහ. සහයෝගය දැක්වීමට තිබූ ඔවුන්ගේ කැමැත්ත එකමුතුව පියවරෙන් පියවර ජයග්‍රාහී ඉර පසු කරන්න ඔවුන්ට හැකියාව දුන්නේය.

යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන් සමූහයක් යේසුස්වහන්සේ වෙනුවෙන් ජීවත් වීම පාද හතරේ තරඟයකදී ඉදිරියට යන්නාක් මෙන් අසහනකාරී යයි හැඟේ. අපට වඩා වෙනස් මත දරණ අය සමග කටයුතු කිරීමේදී අපි බොහෝ විට පැකිලෙන්නෙමු.

යාච්ඤාව, ආගන්තුක සත්කාරය, ඉදිරියට ඇති ජීවිතය සමගියෙන් හැඩ ගසා ගැනීමට අපගේ ත්‍යාගයන් යොදා ගැනීම යනාදිය ගැන පේත්‍රැස් කථා කරයි. ඔහු යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන්ට ආයාචනා කරන්නේ “එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න” කියාය (1 පේත්‍රැස් 4:8). පැමිණිලි කරන්නේ නැතුව “එකිනෙකාට ලැබුණු දීමනාවේ හැටියට එකිනෙකාට සේවය කරන්න” (10 පදය) කියාය. සංනිවේදනය සහ සහයෝගය සඳහා අප දෙවියන්වහන්සේගේ උපකාර ඉල්ලූ විට වෙනස්කම් සමරමින් එක්සත් කමින් ජීවත්වන ආකාරය ලෝකයට පෙන්වීමේ තරඟයට නායකත්වය දීමට අපට හැකි වන්නේය.