ඉරිදා උදෑසන නමස්කාර මෙහෙයට පසුව දිවා ආහාරය සඳහා මට ආරාධනා කළ අය මාව ක්‍රෙම්ලින් වලින් පිටත වූ ආපන ශාලාවකට ගෙන ගියේය. එහි පැමිණි විට අලුතින් විවාහ වූ යුවළයන් පෝලිමක් මංගල්‍යය ඇඳුම් සමගින් ක්‍රෙම්ලින් තාප්පය අසළ වූ නොදන්නා සොල්දාදුවාගේ සොහොන වෙතට යනවා අපි දුටුවෙමු. ඔවුන්ගේ මංගල්‍ය දිනයේ ප්‍රීතියට ඔවුන් උවමනාවෙන්ම එකතු කර ගෙන සිටියේ එවැනි දිනයක් පැවැත්වීමට උපකාරී වූ අන් අයගේ යාගයන් සිහිපත් කිරීමය. ස්මාරකය යට මංගල්‍යය මල් තැන්පත් කිරීමට පෙර ඡායාරූප ගැනීම සිත් සන්සුන් කරන දර්ශනයක් වුනි.

අපගේ ජීවිත වලට යම් ප්‍රමාණයක පූර්ණත්වයක් ගෙන ඒම සඳහා කැපවීම් කළඅයට ස්තුතිවන්ත වීමට හේතුවක් අප සියලු දෙනාටම තිබේ. ඒ යාගයන් වැදගත් නොවේ. එසේම ඒ යාගයන් වඩාත්ම වැදගත් යාගයන්ද නොවන්නේය. යේසුස්වහන්සේ අප වෙනුවෙන් කළ යාගය අප දකින්නේ කුරුසිය පාමුළ පමණි. ගැළවුම්කරුවාණන්ට අප කෙතරම් ණය ගැතිද කියා අප දැන ගන්නේ එහිදීය.

ශුද්ධවූ සහභාගීකම ලබා ගැනිම සඳහා ස්වාමින්වහන්සේගේ මේසයට පැමිණෙන විට රොටි සහ කුසලානයෙන් සංකේතවත් වන යේසුස්වහන්සේගේ යාගය අපට සිහිපත් වන්නේය. පාවුල් ලීවේ “නුඹලා යම් පමණ වරක් මේ රොටී කන්නහුද කුසලානෙන් බොන්නහුද එපමණ වරක් ස්වාමින්වහන්සේ එන තුරු නුඹලා උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නහුය” (1 කොරින්ති 11:26) යනුවෙනි. උන්වහන්සේගේ මේසය වෙතට යන වෙලාවලදී සෑම දිනකදීම යේසුස්වහන්සේ අප තුළ සහ අප වෙනුවෙන් කළ දේවල් මතක තබා ගෙන කෘතඥතාවයෙන් ජීවත් වීමට හැකි වේවා.