1700 අගභාගයේදී තරුණයෙක්ට නෝවා ස්කොටියාහී ඕක්ලන්ඩ් දූපතේහි අභිරහස් ගැඹුරු විවරයක් සොයා ගත්තේය. නැව් මංකොල්ල කාරයන් හෝ කැප්ටන් කිඩ්ම හෝ එහි වස්තුව සඟවා තබන්න ඇතැයි සිතූ ඔහු මිතුරන් කිහිප දෙනෙක් සමග එය කැණීම ආරම්භ කළේය. ඔවුන්ට කිසි වස්තුවක් නොලැබුණි. නමුත් එම කටකථාවට ඊටම ආවේණික ජීවයක් ලැබුණි. සියවස් ගණනාවක් පුරා අන් අයද එහි කැණීම් කරමින් බොහෝ කාලයක්ද මුදල්ද වැය කළහ. දැන් එම කුහරය අඩි සියයකට වඩා (මීටර් තිහකට වඩා) ගැඹුරුය.

එවැනි ඇබ්බැහිවීම් මනුෂ්‍ය හදවතෙහි හිස් භාවය පෙන්නුම් කරයි. බයිබලයේ එක කථාවකින් පෙන්නුම් කරන්නේ එක් මනුෂ්‍යයෙක්ගේ හැසිරීම ඔහුගේ හදවතෙහි හිස්භාවය අනාවරණය කරන ආකාරයයි. ගෙහාසි යනු ශ්‍රේෂ්ඨ අනාගත වක්තෘ කෙනෙක්වූ එලිෂාගේ විශ්වාසය තැබිය හැකි සේවකයෙකි. දෙවියන්වහන්සේ විසින් කුෂ්ඨ රෝගයෙන් සුව කරන ලද හමුදා නායකයෙකුගේ තෑගි එලිෂා ප්‍රතික්‍ෂේප කළ විට කොල්ලයෙන් කොටසක් ලබා ගැනීමට ගෙහාසි කථාවක් ගෙතුවේය (2 රාජාවලිය 5:22). ගෙහාසි නිවසට නැවත පැමිණි විට ඔහු අනාගත වක්තෘට බොරු කීවේය (25 පදය). නමුත් එලිෂා දැන සිටියේය. “ඒ මනුෂ්‍යයා තමාගේ රථයෙන් බැස නුඹ සම්බවෙන්ට හැරී ආ විට මාගේ ඇාත්මය නුඹ සමග ගියේ නැද්ද?” කියා එලිෂා ගෙහාසිගෙන් ඇසුවේය (26 පදය). අවසානයේදී ගෙහාසිට අවශ්‍ය දේ ලැබුණි. නමුත් වැදගත් දෙය නැති විය (27 පදය).

යේසුස්වහන්සේ අපට ඉගැන්වූයේ මේ ලෝකයේ වස්තුව පසුපස නොදුවා “ස්වර්ගයෙහි …. වස්තු රැස්කර තබා ගන්න” කියාය (මතෙව් 6:20).

ඔබේ සිතේ ආශාවන්ට ඇති කෙටිපාරවල් ගැන ප්‍රවේසම් වන්න. යම් සත්‍ය දෙයකින් සිත පුරවා ගන්න හැකි වන්නේ යේසුස්වහන්සේ අනුගමනය කිරීමෙන් පමණි.