සවස 7 ට බත් සහ ඉතිරිවූ මාළු කමින් හුයි ලීයැං මුළුතැන්ගෙයි සිටියේය. බද්ධ නිවාස වල ඩූආ පවුලද රාත්‍රී ආහාර ගනිමින් සිටියෝය. ඔහුගේ භාර්යයාව මිය ගිය දිනයේ සිට තනිව සිටි හුයි ලීයෑංගේ කාමරයේ ඇති නිශ්ශබ්දතාවය තුළින් අල්ලපු නිවසේ සිනාහව සහ කථාව දෝංකාර දුන්නේය. පසුගිය වසර ගණනාව තුළ පාළුව සමග ජීවත් වීමට ඔහු පුරුදුව සිටි අතර එහි කාවදින වේදනාව නිසල කැක්කුමක් බවට පත්වී තිබුණි. නමුත් අද රාත්‍රියේ ඔහුගේ මේසය මත තිබුණු තනි භාජනය සහ කෑම කන කෝටු දෙක ගැඹුරු ලෙස ඔහුගේ සිත පසාරු කළේය.

එදින රාත්‍රියේ නින්දට යාමට පෙර හුයි ලියෑං ඔහුගේ ප්‍රියතම ගීතිකාව වන ගීතාවලිය 23 කියෙව්වේය. ඔහුට වැඩියෙන්ම වැදගත් වචන වූයේ “ඔබ මා සමගය” යන්නයි (4 පදය). බැටළුවන් කෙරෙහි එඬේරාගේ ප්‍රායෝගික රැකවරණයට වඩා ඔහු එතැන සිටීම සහ බැටළුවන්ගේ ජීවිතයේ සෑම කරුණක් ගැනම වූ ඔහුගේ ප්‍රේමණීය බැල්ම (2-5 පද) හුයි ලීයෑං හට සමාදානය ගෙන දුන්නේය.

තනිවූ එවැනි අවස්ථාවලදී එහි කෙනෙකු සිටින බවත් කෙනෙක් අප සමග සිටින බවත් දැන සිටීම විශාල සහනයක් ගෙන දෙයි. උන්වහන්සේගේ ප්‍රේමය සෑම විටම අප සමග තිබෙන බවට (ගීතාවලිය 103:17) සහ උන්වහන්සේ කිසි දිනෙක අපව අත්නාරින බවට (හෙබ්‍රෙව් 13:5) දෙවියන්වහන්සේ උන්වහන්සේගේ දරුවන්ට පොරොන්දු වූ සේක.

නිසල මුළුතැන් ගෙයිදී හෝ වැඩ නිමවී නිවසට යන විට බස් රථයේදී හෝ සෙනග පිරී සිටින සුපිරි වෙළඳ සැළකදී හෝ අප තනිවී ඇතැයි කියා හෝ අපව කිසිවෙක්ට නොපෙනේ යැයි කියා හෝ සිතෙන විට එඬේරාණන්ගේ බැල්ම අප වෙත තිබෙන බව අපට දැන ගත හැකිය. “ඔබ මා සමගය” කියා අපට කිව හැකිය.