රූපවාහිනියේ සහ චිත්‍රපටිවල ගණන් කළ නොහැකි තරම් දැක ඇති ස්ථානයක මම සිටියෙමි. ඒ කැලිෆෝර්නියාවේ හොලිවුඩ් වලය. ලොස් ඇන්ජල්ස් කඳු පාමුළ දැක්වුනු එම විශාල සුදු අකුරු ආඩම්බරයෙන් එහා මෙහා යන ආකාරය මම මගේ හෝටල් කාමරයේ සිට දුටුවෙමි.

ඒ අතර මට තවත් යමක් පෙණුනි. වම් පසට කැපී පෙනෙන කුරුසියකි. මම එය කිසි දිනෙක චිත්‍රපටියක දැක නොතිබුණි. මා හෝටල් කාමරයෙන් පිටතට පැමිණි විගස එම ප්‍රදේශයේ සභාවක සිසුන් පිරිසක් මා සමග යේසුස් වහන්සේ ගැන බෙදා ගන්න පටන් ගත්හ.

අපට සමහර විට සිතෙන්නේ හොලිවුඩ් යනු ලෞකික භාවයේ මධ්‍යය කියාය. දෙවියන්වහන්සේගේ රාජ්‍යයට සහමුලින්ම වෙනස් බවය. නමුත් උන්වහන්සේගේ අභිමුඛයෙන් මාව විස්මපත් කරමින් ක්‍රිස්තුස්වහන්සේ එහි පැහැදිළිවම ක්‍රියාකරමින් සිටි සේක.

යේසුස්වහන්සේ ආගිය තැන් ගැන ඵරිසිවරු නිතරම පුදුමයට පත් වූහ. ඔවුන් බලාපොරොත්තු වූ සෙනග සමග උන්වහන්සේ කාලය ගත කළේ නැත. ඒ වෙනුවට මාර්ක් 2:13-17 හී දැක්වෙන්නේ සාමාන්‍යයෙන් “අපවිත්‍ර” ජීවිත ඇති අය යයි සැළකෙන “සුංගම් අයකරන්නන් සහ පව්කාරයන්” සමග උන්වහන්සේ කාලය ගත කළ බවයි. එසේ වූවත් යේසුස්වහන්සේ සිටියේ උන්වහන්සේව බොහෝ සෙයින් අවශ්‍යවූ සෙනග සමගය (16-17 පද).

වසර දෙදහසකට පසුවත් බලාපොරොත්තු නොවන ස්ථානවල සහ කිසිසේත්ම බලාපොරොත්තු නොවන්නාවූ සෙනග අතර උන්වහන්සේගේ බලාපොරොත්තුවේ සහ ගැළවීමේ පණිවුඩය රෝපණය කිරීම යේසුස්වහන්සේ දිගටම කර ගෙන යන සේක. ඒ දූතනයේ කොටසක් වීමට උන්වහන්සේ අපව කැඳවා සන්නද්ධ කර ඇත.