ඔහුගේ ජීවිතයේ අවසානයට ළංවන විට ජෝන් එම්. පර්කින්ස්ට ඔහු තනිකර දමා යන සෙනගට දීමට පණිවුඩයක් තිබුණි. ජාතීන් අතර සමගිය ඇති කිරීම ගැන ප්‍රසිද්ධියක් දැරූ පර්කින්ස් පැවසුවේ “දෙවියන්වහන්සේ වෙතට නැවත පැමිණීමට ඇති එකම මාර්ගය පසුතැවිල්ලයි. ඔබ පසුතැවිලි නොවන්නේ නම් ඔබ විනාශ වන්නේය” යනුවෙනි.

යේසුස්වහන්සේගේ සහ බයිබලයේ බොහෝ අයගේ වදන් මෙම වචන වලින් පෙන්නුම් කෙරේ. “පසුතැවිලි නූණොත් නුඹලා සියල්ලෝම එසේ ම විනාශ වන්නෝය” (ලූක් 13:3) කියා ක්‍රිස්තුස්වහන්සේ කී සේක. “නුඹලාගේ පාපයන් මකා දමනු ලබන පිණිසද පශ්චාත්තාපව හැරෙන්න” කියා (ක්‍රියා 3:20) අපෝස්තලු පේත්‍රැස් කීවේය.

බොහෝ කලකට පෙර සියලු සෙනග දෙවියන්වහන්සේ වෙත හැරෙනවාට කැමති කෙනෙකු පැවසූ දෙයක් ගැන අපි දේව වචනයේ කියවන්නෙමු. ඔහුගේ අවසන් කථාවේදී “සියලු ඉශ්‍රායෙල්වරුන්ට” (1 සාමුවෙල් 12:1) අනාගතවක්තෘද පූජක සහ විනිශ්චයකරුද වූ සාමුවෙල් පැවසුවේ “භයනොවන්න. නුඹලා ඇත්තෙන්ම මේ මුළු වැරුද්ද කළහුය. එහෙත් ස්වාමීන්වහන්සේ අනුව යාම අත්නොහැර නුඹලාගේ මුළු සිතින් ස්වාමීන්වහන්සේට සේවයකරන්න” (20 පදය) යනුවෙනි. මෙය ඔහුගේ පසුතැවිල්ලේ පණිවුඩයයි. එනම් නපුරෙන් ඉවත් වී මුළු සිතින්ම දෙවියන්වහන්සේට සේවය කිරීමටය.

අපි සියල්ලෝම පව් කර උන්වහන්සේගේ ප්‍රමිතියේ සළකුණ මග හැර ගෙන සිටිමු. එසේ හෙයින් අපි පසුතැවිලි විය යුතු වන්නෙමු. එනම් අපට සමාව දී උන්වහන්සේ අනුව යන්න අපව බලගන්වන යේසුස්වහන්සේ වෙතට හැරීමය. අපි දැන් ජෝන් පර්කින්ස් සහ සාමුවෙල් යන මනුෂ්‍යයන් දෙදෙනාගේ වචන ගැන බලමු. උන්වහන්සේගේ ගෞරවය වෙනුවෙන් භාවිතා කළ හැකි මනුෂ්‍යයන් ලෙසට අපව වෙනස් කරන්න පසුතැවිල්ලේ බලය භාවිතා කිරීමට දෙවියන්වහන්සේට හැකි බව මේ මනුෂ්‍යයන් දෙදෙනා තේරුම් ගත්හ.