බලවත් කුණාටුවකට පසුව අපගේ නිවසේ විදුලි බලය ක්‍රියාත්මක නොවන බව දැනගෙනත් (මහත් අපහසුතාවයකට පත් කරන අපගේ පරිසරයේ සාමාන්‍ය සිදුවීමකි) මම කාමරයට ඇතුල් වන විටම ස්විචය දැමීමි. ඇත්තෙන්ම යමක් සිදුවූයේ නැත. තවමත් අන්ධකාරය මා වටකර තිබුණි.

එම අත්දැකීම එනම් බලාගාරයට ඇති සම්බන්ධතාවය කැඩී ඇති බව දැන දැනත් ආලෝකය බලාපොරොත්තු වීමේ අත්දැකීම ආත්මික සත්‍යයක් පැහැදිලිව මට මතක් කළේය. බොහෝ විට අපි ආත්මයාණන් කෙරෙහි නොයැපීම බලය බලාපොරොත්තු වන්නෙමු.

1 තෙසලෝනිකයෙහි ශුභාරංචිය පැමිණීමට දෙවියන්වහන්සේ මාර්ගය සැළැස්වූ ආකාරය ගැන පාවුල් ලිවීය : “අපේ ශුභාරංචිය නුඹලා වෙතට පැමුණුණේ වචනයෙන් පමණක් නොව බලයත් ශුද්ධාත්මයත් බොහෝ නිසැකකමත් ඇතුවය” (1:5). එසේම අපි දෙවියන්වහන්සේගේ සමාව දීම පිළිගන්නා විට අපගේ ජීවිත වල උන්වහන්සේගේ ආත්මයාණන්ගේ බලයට ක්‍ෂණික ප්‍රවේශය ලැබෙන්නේය. ඒ බලය අප තුළ ප්‍රේමය, ප්‍රීතිය, සාමය සහ ඉවසීම යන චරිත ගුණාංග වර්ධනය කරයි (ගලාති 5:22-23). එසේම එය අපට සභාවට සේවය කිරීමට හැකි වන පරිදි ඉගැන්වීම, උපකාර කිරීම සහ මග පෙන්වීම යන දීමනා වලින්ද අපව බලගන්වන්නේය (1 කොරින්ති 12:28).

“ආත්මයාණන් නිවිය” හැකි බවට පාවුල් තම පාඨකයින්ට අනතුරු අඟවයි (1 තෙසලෝනික 5:19). දෙවියන්වහන්සේගේ අභිමුඛය මග හැරීමෙන් හෝ උන්වහන්සේගේ පෙළඹවීම ප්‍රතික්‍ෂේප කිරීමෙන් හෝ අපට ආත්මයාණන්ගේ බලය සීමා කිරීමට පුළුවන (යොහන් 16:8). නමුත් උන්වහන්සේගෙන් විසන්ධි වී සිටීමට අපට අවශ්‍ය නොවේ. දෙවියන්වහන්සේගේ බලය සෑම විටම උන්වහන්සේගේ දරුවන්ට තිබේ.