උතුරු ඇමෙරිකාවේ මීහරකුන් සැරිසැරූ ස්ථානයක් විය. ආරම්භයේ සත්‍ය වශයෙන්ම එය එවැනි ස්ථානයකි. තම ගව රැළවල් සහ වගාවන් සමගින් පදිංචිකරුවන් පැමිණෙන තෙක් මිටියාවත්වල ඉන්දියානුවන් මීහරකුන් පසුපස යමින් සිටියහ. දෙවන ලෝක යුද්ධ කාලයේ පර්ල් වරායට පසු එය රසායන ද්‍රව්‍ය කම්හලක් ලෙස භාවිතා කරන ලද අතර පසුව සීතල යුද්ධ සමයේ ආයුධ අවම කිරීමටද එය යොදා ගනු ලැබුණි. නමුත් පසු කාලෙක තට්ට රාජාලීන් කණ්ඩායමක් එහි දක්නට ලැබුණි. කොලරාඩෝ ඩෙන්වර් පුරවරය ආසන්නයේ අක්කර පහලොස් දහසක ප්‍රේරී තෙත් බිමෙහි ඉක්මණින්ම කඳුකර යුධ උපකරණ ජාතික වන ජීවී රක්‍ෂිතය ඇරඹුණි. එය දැන් විශාලම නගරාශ්‍රිත අභය භූමියකි. රක්‍ෂස්ථානයකි. පාද කළු මුගටි වර්ගයන්ගෙන් සිට බකමූණන් සහ තට්ට රාජාලීන් වැනි සතුන් තුන්සියයකට අධික ප්‍රමාණයකට රැකවරණය දෙන්නේය. ඒ අතර ඔබ අනුමාන කළා නිවැරදිය. එහේ මෙහේ යන මීහරකුන්ද ඊට ඇතුළත්ය.

ගීතිකාකරු අපට පවසන්නේ “දෙවියන්වහන්සේ අපට රක්‍ෂස්ථානයක්ය” කියාය (62:8). එය කිසි ලෞකික රක්‍ෂස්ථානයකට වඩා විශාලය. දෙවියන්වහන්සේ අපගේ සත්‍ය වූ රක්‍ෂස්ථානයයි. “අපි උන්වහන්සේ තුළ ජීවත්වමුව; හැසිරෙමුව; සිටිමුව” (ක්‍රියා 17:28) හි දැක්වෙන පරිදි දෙවියන්වහන්සේ අපගේ සත්‍යවූ රක්‍ෂස්ථානය සහ ආරක්‍ෂිත අභිමුඛය වන සේක. “සෑම විටම” (62:8) අපගේ විශ්වාසය තැබිය හැකි අපගේ රක්‍ෂස්ථානයයි. එසේම උන්වහන්සේ අපගේ හදවත් වගුරුවමින් එඩිතරව අපගේ සියලුම යාච්ඤාවන් ගෙන ආ හැකි රක්‍ෂස්ථානය වන සේක.

දෙවියන්වහන්සේ අපගේ රක්‍ෂස්ථානයයි. පටන් ගැන්මේදී සිටියේද දැන් සිටින්නේද ඉදිරියෙහි සෑම විටම සිටින්නේද උන්වහන්සේය.