සුප්‍රසිද්ධ ඡායාරූපයක් අළු පැහැති පසුබිමක තිබෙන සපත්තු සළකුණක් පෙන්වයි. එය 1969දී සඳ මත තබන ලද ගගනගාමී බස් ඇල්ඩි්‍රන්ගේ පා සලකුණයි. විද්‍යාඥයින්ට අනුව එම පා සලකුණ වසර ගණනාවකට පසුවත් තවමත් එහි තිබෙන බවය. සුළං හෝ ජලය නොමැති නිසා සඳ මත කිසිවක් ගසා ගෙන යන්නේ නැත. එසේ හෙයින් සඳ මත සිදුවන සෑම දෙයක්ම නොවෙනස්ව පවතී.

දෙවියන්වහන්සේගේ අඛණ්ඩ අභිමුඛය මෙනෙහි කිරීම ඊට වඩා මහිමාන්විතය. “සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද කිසි වෙනස්වීමක්වත් හැරීමේ ඡායාවක්වත් නැත්තාවූ ආලෝකවල පියාණන්වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේය” (යාකොබ් 1:17) යනුවෙන් යාකොබ් ලියන්නේය. අපෝස්තලුවරයා මෙය අපගේ ගැටළුකාරී සංදර්භයට යොමු කරයි. “අනේකාකාර පරීක්‍ෂාවලට වැටෙන කල ඒ සියල්ල ප්‍රීිතියක් යයි සිතන්න” (2 පදය). මන්ද? ඒ අප ශ්‍රේෂ්ඨ සහ වෙනස් නොවන දෙවියන්වහන්සේගේ ප්‍රේමයට ලක් වන හෙයිනි.

කරදර අවස්ථාවලදී දෙවියන්වහන්සේගේ අඛණ්ඩ සැපයීම අප සිහිතබා ගත යුතු වන්නෙමු. සමහර විට අපට අර්ථවත් ගීතිකාවක් මතක් කර ගත හැකිය : “ඔබවහන්සේගේ විශ්වාසවන්තකම මහත්ය/ඔඔබවහන්සේ සමග හැරීමක ඡායාවක් වත් නැත/ඔබවහන්සේ වෙනස් නොවන සේක/ඔබවහන්සේගේ අනුකම්පාවන් අඩු නොවේ/ ඔබවහන්සේ සිටියාක් මෙන් සදාකාලයටම සිටින සේක”. එසේය. අපගේ දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සදාකාලික පා සළකුණ අපේ පොළොව මත තබා තිබේ. උන්වහන්සේ සෑම විටම අප වෙනුවෙන් සිටින සේක. උන්වහන්සේගේ විශ්වාසවන්තකම මහත්ය.