“වෙස් වළා ගැනීමේ හපනෙක්” ඉන්දුනීසියානු මුහුදේ සහ පර්වත බාධකයේ ජීවත් වේ. මෙම වෙස් වළාගන්නා බූවල්ලාට අනෙක් බූවල්ලන්ට මෙන් තම සමෙහි වර්ණය අවට පරිසරයට මිශ්‍රවීම සඳහා වෙනස් කර ගත හැකිය. සිංහ මත්ස්‍යයා සහ විෂ සහිත මුහුදු සර්පයින් රැවටීම සඳහා මෙම ණැනවත් ජීවියාට තම හැඩයද ගමන් කරන ලීලාව සහ හැසිරීමද වෙනස් කර ගත හැකිය.

වෙස් වළා ගන්නා බූවල්ලා මෙන් නොව යේසුස්වහන්සේගේ ඇදහිලිවතුන්ගෙන් බලාපොරොත්තු වන්නේ අප වටා ඇති ලෝකය තුළ නැගී සිටීමය. අප සමග එකඟ නොවන අය නිසා අපි තර්ජනයට ලක් වන විට ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් ලෙස නොපෙනෙන ආකාරයට ඔවුන් සමග මිශ්‍ර වීමට අපට පරීක්‍ෂාවන් පැමිණිය හැකිය. කෙසේ වෙතත් අපගේ ජීවිතයේ සෑම අංශයකින්ම යේසුස්වහන්සේ නියෝජනය කරමින් අපගේ ශරීරයන් “ජීවමාන වූ ශුද්ධවූ දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකි යාගයක් කොට” (රෝම 12:1) ඔප්පු කරන ලෙසට අපෝස්තලු පාවුල් අපට ආයාචනා කරන්නේය.

“මේ ලෝකයේ ආකාරයට” හැඩ ගැසීමට මිතුරන් සහ පවුලේ අය අපට පීඩනයක් දීමට උත්සාහ කළ හැකිය (2 පදය). දෙවියන්වහන්සේගේ දරුවන් ලෙසට අප කියන දෙයට අපගේ ජීවිත සමාන කිරීම පිණිස අප සේවය කරන තැනැත්තානන් පෙන්නුම් කිරීමට අපට පුලුවන. අප දේව වචනයට කීකරු වී උන්වහන්සේගේ ප්‍රේමණීය චරිතය පරාවර්තනය කරන විට කුමන අලාභයකටත් වඩා කීකරුකමේ විපාකයන් ශ්‍රේෂ්ඨ බව අපගේ ජීවිත වලින් ප්‍රදර්ශනය කළ හැකිය. අද දිනයේ ඔබ යේසුස්වහන්සේව අනුකරණය කරන්නේ කෙසේද?