ඔර්විල් හෝ විල්බර් රයිට් හෝ යන අයවලුන්ට ගුවන් නියමු බලපත්‍රයක් නොවීය. ඔවුන් විශ්ව විද්‍යාලයකට ගොස් නොතිබුණි. ඔවුහු පාපැදි කාර්මිකයන් වූ අතර ඔවුන්ට ගුවනින් යාමට සිහිනයක් තිබුණි. 1903 දෙසැම්බර් මස 17 වන දින ඔව්හු තම “රයිට් ගුවන් යානය” හතර වරක් වරින්වර පැදවූහ. දීර්ඝතම ගමන විනාඩියක් පමණක් වූ නමුත් එය අපගේ ලෝකය සදහටම වෙනස් කළේය.

පේත්‍රැස් සහ යොහන්ට දේශනා කිරීමේ බලපත්‍රයක් නොවීය. ඔවුහු සෙමනේරියකට ගොස් නොතිබුණි. ඔවුහු මසුන් අල්ලන්නෝය. යේසුස්වහන්සේගේ ආත්මයෙන් පිරී සිටි ඔවුහු ධෛර්යයවත්ව ශුභාරංචිය දේශනා කළෝය. “මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍ය වූ මනුෂ්‍යයන් අතරේ දෙන ලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේයයි කීවේය” (ක්‍රියා 4:12).

රයිට් සහෝදරයන්ගේ අසල්වාසීන් ඔවුන්ගේ ජයග්‍රහණය ක්‍ෂණිකව අගය කළේ නැත. ඔවුන්ගේ කථාව නගරයේ ප්‍රවෘත්ති පත්‍රය විශ්වාස කළේ නැත. ඔවුන් කීවේ එය ඇත්තක් වූවත් වැදගත්කමක් ලබා දීමට තරම් ඒ ගුවන් ගමන් කෙටි වැඩිය කියාය. ඔවුහු ඇත්තෙන්ම කරන ලද දේ ජනතාව පිළිගැනීමට පෙර වසර ගණනාවක් ගුවනින් යමින් තව බොහෝ ප්‍රතිසංස්කරණයන් කිරීමට ඔවුන්ට සිදුවුනි.

ආගමික නායකයෝ පේත්‍රැස් සහ යොහන්ට අකමැති වූ අතර යේසුස්වහන්සේ ගැන අන් අයට කීම ඔවුන්ට තහනම් කළහ. පේත්‍රැස් කීවේ එය කළ නොහැකි බවයි. “මක්නිසාද අප ඇසූ දුටු දේ ගැන කථා නොකර සිටින්ට අපට නුපුළුවනැයි කීවෝය” (20 පදය).

ඔබද අනුමත ලැයිස්තුවේ නොසිටින්ට පුලුවන. එසේ සිටින්නෝ ඔබට අපහාස කළ හැකිය. ප්‍රශ්නයක් නැත. ඔබ තුළ යේසුස්වහන්සේගේ ආත්මය තිබේ නම් උන්වහන්සේ වෙනුවෙන් නිර්භීතව සිටීමට ඔබට නිදහස තිබේ.