අඳුරු විශාදියෙන් ආකාශ්ව පිටතට ගැනීමට කිසිවකට නොහැකි විය. ට්‍රක් අනතුරකින් දැඩි ලෙස තුවාල වූ ඔහු නිරිත දිග ආසියාවේ මිෂනාරි රෝහලකට ගෙන යන ලදී. ශල්‍යකර්ම අටකින් ඔහුගේ බිඳුණු ඇටකටු සවිකරනු ලැබූවත් ඔහුට ආහාර ගැනීමට නොහැකි විය. විශාදිය පැමිණියේය. ඔහුගේ පවුල ඔහුගෙන් සැපයීම බලාපොරොත්තු වූවත් ඔහුට එය කළ නොහැකි විය. එසේ හෙයින් ඔහුගේ ලෝකය තවත් අඳුරු වුනි.

එක් දිනක් අමුත්තෙක් ඔහුගේ භාෂාවෙන් යොහන් ශුභාරංචිය ආකාශ්ට කියවා ඔහු වෙනුවෙන් යාච්ඤා කළේය. යේසුස්වහන්සේ තුළින් නොමිළේ ලැබෙන ත්‍යාගයන් වන සමාව සහ ගැළවීමෙන් ස්පර්ශය ලැබූ ආකාශ් තම ඇදහිල්ල උන්වහන්සේ තුළ තැබීය. ඔහුගේ විශාදිය ඉක්මණින් පහ විය. ඔහු නිවසට පැමිණි විට ඔහුගේ ඇලුත් ඇදහිල්ල ගැන කීමට මුලින් ඔහු බිය වුනි. අවසානයේදී ඔහු යේසුස්වහන්සේ ගැන තම පවුලේ අයට කී අතර හය දෙනෙකු උන්වහන්සේව විශ්වාස කළහ!

යොහන්ගේ ශුභාරංචිය අඳුරේ සිටින ලෝකයට ආලෝක කදම්භයකි. එහි අප කියවන්නේ “උන්වහන්සේ කෙරෙහි අදහගන්න සෑම දෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන” (3:16) බවය. අප සොයා ගෙන ඇත්තේ “මාගේ වචනය අසා මා එවූ තැනන්වහන්සේ අදහන්නාට සදාකාල ජීවනය තිබේ” (5:24) යනුවෙනි. එසේම “ජීවනදායක කෑම නම් මමය. මා ළඟට එන්නාට බඩගිනි නොවන්නේය” (6:35) යනුවෙන් යේසුස්වහන්සේ කියනවා අපට ඇසෙන්නේය. අනිවාර්යයෙන්ම “සැබෑව කරන්නා…. ආලෝකයට එන්නේය” (3:21).

අප මුහුණ දෙන කරදර විශාල විය හැකිය. නමුත් යේසුස්වහන්සේ ඊට වඩා ශ්‍රේෂ්ඨය. උන්වහන්සේ පැමිණියේ අපට “ජීවනය ලැබෙන පිණිසත් එය අධික ලෙස ලැබෙන පිණිසත්ය” (10:10). ආකාශ් මෙන් ලෝකයේ බලාපොරොත්තුවත් සියලු මිනිස් වර්ගයාගේ ආලෝකයත් වන යේසුස්වහන්සේ කෙරෙහි ඔබගේ ඇදහිල්ල ඔබත් තබත්වා.