දඟර පඩිපෙළේ සිට විශාල නිදන කාමරය දක්වාත් ශක්තිමත් ලී පොළොවේ සිට සුඛෝපභෝගී කාපට් ඇතිරිලි දක්වාත් රෙදි සේදීම සඳහා වූ විශාල කාමරයේ සිට හොඳින් සංවිධානය කළ කාර්යයාලය දක්වාත් වූ ශක්තිමත් නිවස නියෝජිතයා තරුණ යුවළට පෙන්වීය. හැරුණ හැරුණ තැන එහි අලංකාරය ඔවුහු වර්ණනා කළහ. “ඔබ අපට හොඳම ස්ථානය සොයා ගෙන ඇත. මේ නිවස විශිෂ්ඨයි”. එවිට නියෝජිතයා ඔවුන් අසාමාන්‍ය යයි සිතූ එහෙත් සත්‍ය යමක් පැවසීය. “මම ඔබේ පැසසුම නිවස ගොඩනැගූ අයට පවසන්නම්. මක්නිසාද නිවස ගොඩ නැගූ අයට ප්‍රශංසාව හිමිවිය යුතුය. එය මෙම නිවසට හෝ එය පෙන්වන තැනැත්තාට හෝ නොවේ”.

නියෝජිතයාගේ වචන හෙබ්‍රෙව් කර්තෘගේ වචන දෝංකාරය කරයි. “ගෘහයට වඩා ගෘහය සෑදූ අයට ගෞරවය තිබෙන්නාක් මෙන්” (හෙබ්‍රෙව් 3:3). ලේඛකයා දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස්වහන්සේගේ විශ්වාසවන්තකම අනාගතවක්තෘ මෝසෙස් හා සසඳයි (1-6 පද). දෙවියන්වහන්සේ සමග මුහුණට මුහුණ ලා කථා කිරීමටද උන්වහන්සේගේ හැඩරුව දැකීමටද මෝසෙස්ට හැකි වුවද (ගණන් කථාව 12:8) දෙවියන්වහන්සේගේ ගෘහයෙහි ඔහු සේවකයෙක් පමණක් වීය (හෙබ්‍රෙව් 3:5). ක්‍රිස්තුස්වහන්සේ මැවුම්කරුවාණන් ලෙස (1:2 සහ 10) සෑම දෙයකම දිව්‍යමය ගොඩනගන්නා ලෙස ගෞරවය ලැබීමට සුදුසු වන අතර දෙවියන්වහන්සේගේ නිවස තුළ පුත්‍රයාණන්ද (3:4 සහ 6) වන සේක. දෙවියන්වහන්සේගේ ගෘහය වන අපට ලැබෙන කුමන ප්‍රශංසාවක් වූවත් අවසානයේ අයිති වන්නේ උන්වහන්සේටය.