“සෑම මොහොතක්ම ශුද්ධය” යන අලංකාර පොතෙහි විවිධ කාර්යයන් වෙනුවෙන් එනම් ආහාර පිළියෙල කිරීම හෝ රෙදි සේදීම හෝ වැනි සාමාන්‍ය කාර්යයන්ද සඳහා යාච්ඤා තිබුණි. නැවත නැවත කිරීමට අවශ්‍ය දේවල් අප නීරස දේවල් ලෙස සිතිය හැකිය. මෙම පොත මට මතක් කර දෙන්නේ ජී.කේ. චෙස්ටර්ටන්ගේ වචනයි. ඔහු ලීවේ “ඔබ ආහාර ගැනීමට පෙර යාච්ඤා කරයි. නමුත් මම චිත්‍ර අඳිද්දී, පිහිනද්දී, කඩු හරඹයේදී, බොක්සිං වලදී, ඇවිදිද්දී, ක්‍රීඩා කරද්දී, නටද්දී, මගේ පෑන තීන්ත බඳුණේ පෙඟවීමට පෙරදීද යාච්ඤා කරමි” කියාය.

එවැනි දිරිමත් කිරීමක් මගේ දෛනික ක්‍රියාවන් ගැන ඇති ආකල්පය නැවත සකස් කළේය, සමහර විට ආත්මික අගයක් ඇතැයි පෙනෙන එනම් කෑමට පෙර නමස්කාර යාච්ඤාවන් කිරීම සහ එතරම් ආත්මික අගයක් නැතැයි මට හැඟෙන එනම් කෑමට පසු භාජන සේදීම වැනි දේ වෙන් කර දැක්වීමට මට හැඟීමක් එන්නේය. යේසුස් වහන්සේ වෙනුවෙන් ජීවත්වීමට තීරණය කර සිටි කොලොස්සි වරුන් වෙනුවෙන් ලියූ ලිපියේ පාවුල් එම බෙදීම මකා දැමීය. ඔහු මෙම වචන වලින් ඔවුන්ව දිරිමත් කළේය. “නුඹලා වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ මොකක් කරත් සියල්ලම යේසුස්වහන්සේගේ නාමයෙන්” කරන්න කියාය (3:17). යේසුස්වහන්සේගේ නාමයෙන් දේවල් කිරීම යන්නෙන් අදහස් වන්නේ අප ඒ දේවල් කරන විට උන්වහන්සේට ගෞරව කරනවාක් මෙන්ම ඒවා සම්පූර්ණ කිරීමට උන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ අපව ශක්තිමත් කරන්න උපකාර කරනවා යන්නය.

“මොකක් කරතත්”. අපගේ ජීවිතයේ සෑම සාමාන්‍ය ක්‍රියාවක්ම සෑම මොහොතක්ම දෙවියන්වහන්සේගේ ආත්මයෙන් බලගැන් විය හැකි බවත් එසේම යේසුස්වහන්සේට ගෞරවය ගෙන දෙන ආකාරයෙන් කළ හැකි බවත්ය.