ඒවා සැපිය නොයුතු බව වින්ස්ටන් දනී. ඒහෙයින් ඔහු කපටි උපක්‍රමයක් යොදා ගත්තේය. අප එයට සෙමින් ඇවිදීම යයි කියමු. වින්ස්ටන් විසිකර ඇති ඉවත දැමූ සපත්තුවක් දුටුවහොත් සෙමෙන් ඒ පැත්තට ගොස් එය අල්ලා ගෙන සෙමින් ඇවිද යයි. මෙහි දකින්න යමක් නැත. කවුරුන් හෝ නොදැක්කොත් දොරෙන් පිටතට යයි. “අම්මා ඔබගේ සපත්තුව වින්ස්ටන් දොරෙන් පිටතට සෙමෙන් ඇවිද්දගෙන ගියා”.

අපගේ පාපයටද දෙවියන්වහන්සේව පසුකර “සෙමෙන් ඇවිදගෙන” යාමට හැකි යයි අපි සමහර විට සිතන්නෙමු. උන්වහන්සේ නොදකී යයි සිතීමට අපට පරීක්‍ෂාවක් පැමිණෙන්නේය. එය එතරම් ලොකු දෙයක් නොවේ යයි අපි තර්ක කරන්නෙමු. කෙසේ වෙතත් වින්ස්ටන්ට වඩා හොඳින් අපි දන්නෙමු. එම තීරණ දෙවියන්වහන්සේව සතුටු නොකරන බව අපි දනිමු.

උයනේ ආදම් සහ ඒව මෙන් පාපයේ ලැජ්ජාව නිසා පාපය සැඟවීමට උත්සාහ කරනවා විය හැකිය (උත්පත්ති 3:10). එසේත් නැත්නම් එය සිදු නොවූවාක් මෙන් පෙන්විය හැකිය. නමුත් දේව වචනය ඊට වඩා බොහෝ වෙනස් දෙයක් කිරීමට අපට ආරාධනා කරයි. ඒ දෙවියන්වහන්සේගේ දයාව සහ සමාව වෙත දිව යාමටය. හිතෝපදේශ 28:13 හි දැක්වෙන්නේ “තමාගේ වරද සඟවන්නා සඵල නොවන්නේය. එහෙත් ඒවා කියාදී අත් හරින්නාට කරුණාව ලැබේ” කියාය.

කිසි කෙනෙකු නොදකී යයි සිතා අපගේ පාපය සෙමෙන් ඇවිද්ද වීමට අප උත්සාහ කළ යුතු නොවෙමු. අපගේ තීරණ ගැන අපටමද දෙවියන්වහන්සේට සහ විශ්වාසවන්ත මිතුරෙකුටද කීමෙන් රහස් පාපයක දොස් තැබීම සහ ලැජ්ජාවෙන් අපට නිදහස් විය හැකිය (1 යොහන් 1:9).