ඔබ සාමයට සහ නිසලතාවයට කැමති නම් මිනෙසෝටා මිනියපෝලිස්හී කාමරයක් තිබේ. ඔබ එයට ආශා වනු ඇත. එය සියලු ශබ්දවලින් 99.99 ක් උරා ගනී. ඔර්ෆීල්ඩ් රසායනාගාරයේ දෝංකාරයක් නැති ලෝක ප්‍රසිද්ධ කාමරය ලෝකයේ නිශ්චලතම ස්ථානය ලෙස හැඳින්වේ. ශබ්ද නැති මේ ඉඩ කඩ භුක්ති විඳීමට කැමති අයගෙන් වාඩි වී සිටින ලෙසට දන්වා ඇත්තේ ශබ්දය නොමැති කමින් අවධානය නොකැඩෙන පිණිසය. එසේම මෙම කාමරයේ විනාඩි හතලිස් පහකට වඩා ගත කිරීමට කිසිවෙකුට නොහැකි වී තිබේ.

එවැනි නිසලතාවයක් අවශ්‍ය වන්නේ කිහිප දෙනෙකුට පමණී. නමුත් ශබ්ද ඇති වැඩ බහුල ලෝකයක අප එවැනි නිසලතාවයකට සමහර විට ආශා කරන්නෙමු. අප නරඹන ප්‍රවෘත්තිද සමාජ මාධ්‍යයද අපගේ අවධානය සමග තරඟ කරන ව්‍යාකූල ශබ්දයක් නිපදවයි. ඉන් බොහෝමයක වචන සහ රූපක සෘණාත්මක හැඟීම් උද්දීපනය කරයි. ඒ තුළ ගිලී සිටින විට දෙවියන්වහන්සේගේ හඬ යටපත් වී යන්නේය.

එලියා අනාගතවක්තෘ දෙවියන්වහන්සේ හමුවීමට හොරෙබ් කන්දට ගිය අවස්ථාවේදී ඔහුට මහත්වූ විනාශකාරී කුණාටුවේවත් භූමිකම්පාවේවත් ගින්නෙහිවත් උන්වහන්සේව හමුනොවුනි (1 රාජාවලිය 19:11-12). ඉන්පසු එලියා මුහුණ වසා ගෙන ඒ සියුම් නිශ්චලතාවයේ හඬ ඇසෙන තෙක් “ස්වාමිවූ සර්ව බලධාරී දෙවියන්වහන්සේ” හමුවීමට ගුහවෙන් පිටතට පැමිණියේ නැත (12-14 පද).

ඔබගේ ආත්මය නිසලතාවය තදින් සොයනවා විය හැකි නමුත් ඊටත් වඩා දෙවියන්වහන්සේගේ හඬ ඇසීමට එය ආශාවෙන් සිටිනවා විය හැකිය. දෙවියන්වහන්සේගේ “නිශ්චලතාවයේ හඬ” මඟ නොහැරෙන පිණිස ඔබගේ ජීවිතයේ නිශ්චලතාවයට ඉඩ දෙන්න (12 පදය).