කර්තෘ මැක්නයිට් පවසන්නේ ඔහු උසස් විදුහලේ සිටින විට ඔහුට “ආත්මයෙන් පෙඟුණු” අත්දැකීමක් ලැබුණු බවයි. ඔහු කඳවුරක සිටින විට ආත්මයාණන්ට භාරවෙමින් ක්‍රිස්තුස්වහන්සේව තම ජීවිතයේ සිහාසනාරූඪ කරවන ලෙසට දේශකයා අභියෝග කරන ලදී. පසුව ඔහු ගසක් යට වාඩි වී යාච්ඤා කළේය : “පියාණෙනි, මගේ පාපවලට සමා වුව මැනව. ශුද්ධාත්මයාණෙනි මා තුළට පැමිණ මාව පිරෙව්ව මැනව”. මහත් දෙයක් සිදු වී යයි ඔහු කීවේය. “ඒ මොහොතේ සිට මගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් විය. එය පරිපූර්ණ නැත. නමුත් වෙනස්ය”. බයිබලය කියවීමටද, යාච්ඤා කිරීමටද, යේසුස්වහන්සේ තුළ අන් ඇදහිලිවතුන් මුණ ගැසීමටද, දෙවියන්වහන්සේට සේවය කිරීමටද ක්‍ෂණික ආශාවක් ඔහුට ඇති විය.

උත්ථාන වූ යේසුස්වහන්සේ ස්වර්ගයට නැගීමට පෙර තම මිතුරන්ට මෙසේ කී සේක : “යෙරුසලමෙන් අහක්ව නොගොස් නුඹලා මාගෙන් ඇසූ පියාණන්වහන්සේගේ පොරොන්දුව බලා සිටින්න” (ක්‍රියා 1:4). ඔව්හූ “යරුසලමෙහි ද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්‍ෂිකාරයෝ (8 පදය) වන්නට “බලය ලබන්නහුය”. යේසුස්වහන්සේ විශ්වාස කරන සෑම කෙනා තුළම ජීවත්වීමට දෙවියන්වහන්සේ ශුද්ධාත්මයාණන් දෙන සේක. මුලින්ම එය පෙන්තකොස්ත දිනයේදී සිදුවිය (ක්‍රියා 2 බලන්න). අද ක්‍රිස්තුස්වහන්සේව යමෙක් විශ්වාස කරන්නේද එය සිදුවන්නේය.

යේසුස්වහන්සේව විශ්වාස කරන සියල්ලන් පිරවීමට ශුද්ධාත්මයාණන් අඛණ්ඩව ක්‍රියා කරන සේක. අපටද ශුද්ධාත්ම බලයේ උපකාරයෙන් චරිතය සහ ආශාවන් වෙනස් කරන ඵල දැරීමට පුළුවන (ගලාති 5:22-23). අපට සහනය ලබා දෙමින් වරද පෙන්වා දෙමින් අප සමග හවුල් වෙමින් අපට ප්‍රේම කරන්නාවූ දෙවියන්වහන්සේට අපි ස්තුති ප්‍රශංසා කරමු.