2021 මොන්ඩි මනී ත්‍යාග ප්‍රදානෝත්සවයේදී බ්‍රිතාන්‍ය පුරුෂයන්ට සහ කාන්තාවන්ට දෙනු ලබන වාර්ෂික සම්මානයක් වන ගරුත්ව සම්මානයක් මැල්කම් ක්ලවුට් හට 2 වන එලිසබෙත් රැජින ප්‍රදානය කළාය. ඒ වන විට අවුරුදු සියයක්ව සිටි ක්ලවුට්ට ගෞරව කරනු ලැබුවේ ඔහුගේ ජීවිත කාලය තුළදී බයිබල් දාහක් බෙදා දීම හේතුවෙනි. ඔහුගෙන් බයිබලයක් ලැබූ සෑම කෙනෙක් ගැනම වාර්තාවක් ක්ලවුට් වෙත තිබුණු අතර ඒ සෑම කෙනෙක් ගැනම ඔහු නිතිපතා යාච්ඤා කළේය.

යාච්ඤාව ගැන ක්ලවුට්ගේ විශ්වාසවන්ත කම අලුත් ගිවිසුම පුරාම පාවුල්ගේ ලියවිලි වල හමුවන්නාවූ ප්‍රේමය ගැන බලවත් උදාහරණයකි. පාවුල් බොහෝ විට තම ලිපි ලැබූ අයට සහතික වූයේ තමා ඔවුන් ගැන නිතිපතා යාච්ඤා කරන බවයි. ඔහුගේ මිතුරු පිලෙමොන්ට ඔහු ලීවේ “මාගේ යාච්ඤාවලදී නුඹ ගැන මතක් කරමින් නිතරම මගේ දෙවියන්වහන්සේට ස්තුති කරමි” (පිලෙමොන් 1:6) යනුවෙනි. ඔහු තිමෝතිට ලියූ ලිපියේ පාවුල් කියා සිටියේ “මම රෑ දාවල් කඩනැතුව මාගේ යාච්ඤාවලදී නුඹ සිහිකරමින් ….” (2 තිමෝති 1:3) යනුවෙනි. රෝමයේ සභාවට පාවුල් අවධාරණය කළේ “කඩ නැතුව” ඔවුන්ව සිහිකරමින් “නිතරම” යාච්ඤා කරන බවයි (රෝම 1:9-10).

මැල්කම්ට මෙන් යාච්ඤා කිරීමට අපට දාහක් ජනතාව නැති වුවද අප දන්නා අය ගැන උවමනාවෙන් කරන යාච්ඤා බලවත් වන්නේ දෙවියන්වහන්සේ අපගේ යාච්ඤාවන්ට ප්‍රතිචාර දක්වන බැවිනි. විශේෂිත පුද්ගලයෙකුට යාච්ඤා කරන්න යයි ශුද්ධාත්මයාණන් කොඳුරා අපව පොළඹවන විට ප්‍රයෝජනවත් උපකරණයක් වන යාච්ඤා දින දර්ශනයක් මම සොයා ගත්තෙමි. දෛනික හෝ සති කැලැන්ඩරයකට නම් බෙදා ගැනීම විශ්වාසවන්තව යාච්ඤා කිරීමට මට උපකාරී වේ. අන් අයව යාච්ඤාවෙන් මතක් කිරීම ප්‍රේමයේ කෙතරම් අලංකාර ප්‍රදර්ශනයක්ද.