තමාට හමුවන සෑම කෙනෙකුගේම මුවගට සිනහවක් ගෙන ආ ලුයිස් ප්‍රාණවත් කෙළිලොල් දැරියක් වූවාය. වයස අවුරුදු පහේදී ඇය අවාසනාවන්ත ලෙස දුර්ලභ රෝගයකින් මිය ගියාය. ඇයගේ ක්‍ෂණික වියෝව ඩේ ඩේ සහ පීටර් වන ඇගේ දෙමාපියන්ටද ඔවුන් සමග සේවය කළ අප සෑම දෙනෙක්ටද කම්පනයක් ඇති කළේය.

කෙසේ වෙතත් ඩේ ඩේට සහ පීටර්ටට ඉදිරියට යාමට ශක්තිය ලැබුණි. ඔවුන් දරා ගන්නේ කෙසේදැයි මම ඩේ ඩේගෙන් විමසූ විට ඔවුන් ශක්තිය ලබා ගන්නේ ලුයිස් සිටින තැන එනම් ඇය යේසුස්වහන්සේගේ ප්‍රේමණීය දෑතේ සිටින තැනට අවධානය යොමු කිරීමෙන් බවයි. “සදාකාල ජීවනයට යාමට වෙලාව පැමිණි අපගේ දියණිය ගැන අපි සන්තෝෂ වන්නෙමු” කියා ඇය කීවාය. “දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් අපට ශෝකය තුළින් ඉදිරියට යාත්‍රා කළ හැකි වන අතර උන්වහන්සේ අපට භාර දුන් දේ දිගටම කර ගෙන යා හැකි වන්නේය”.

යේසුස්වහන්සේ තුළින් තමන්වහන්සේව එළිදරව් කළ දෙවියන්වහන්සේගේ හදවත කෙරෙහි ඇති විශ්වාසයෙන් ඩේ ඩේ සැනසීම සොයා ගත්තාය. බයිබලීය බලාපොරොත්තුව ශුභවාදයට වඩා බොහෝ එහා යන්නකි. එය දෙවියන්වහන්සේ විසින් කිසිදා කඩන්නේ නැති උන්වහන්සේගේ පොරොන්දුව මත පදනම් වූ පරම නිත්‍යතාවයකි. වෙන්වී ගිය අය ගැන ශෝක වන අයව පාවුල් දිරි ගන්වන්නාක් මෙන් අපගේ ශෝකයේදී අපට මෙම සත්‍යයෙහි එල්ලී සිටිය හැකිය. “මක්නිසාද යේසුස්වහන්සේ මැරී නැවත නැගුටුණු සේකැයි අපි අදහමු නම් එසේම දෙවියන්වහන්සේ යේසුස්වහන්සේ කරණකොට ගෙන සැතපී සිටින්නන් උන්වහන්සේ සමග ගෙනෙන සේක” (1 තෙසලෝනික 4:14). මේ නියත බලාපොරොත්තුව අපගේ දුකෙහිදී පවා අපට ශක්තිය සහ සහනය ගෙන ඒවා!