1965 ජූනි මාසයේ දී ටොන්ගාවේ යෞවනයන් සය දෙනෙක් අත්දැකීම් සොයා නැව් නැග්ගහ. පළමු රාත්‍රියේ පැමිණි කුණාටුවකින් ඔවුන්ගේ රුවල සහ සුක්කානම බිඳී ගිය අතර “අටා” නැමැති කිසිවෙකු නොසිටී දූපතකට ළඟා වීමට පෙර ඔව්හූ ජලය සහ ආහාර නොමැතිව පාවෙමින් සිටියහ. ඔවුන්ව සොයා ගනු ලැබූවේ මාස පහළොවකට පසුවය.

ජීවිතය රැක ගැනීමට තරුණයෝ එක්ව ක්‍රියා කළහ. ඔව්හූ ආහාර වත්තක් වගා කර වැහි වතුර ගබඩා කර තබා ගැනීමට ගස් බෙන හෑරුවෝය. එපමණක්ද නොව තාවකාලික ව්‍යායාම් ස්ථානයක්ද ගොඩ නගා ගත්හ. ප්‍රපාතයකින් වැටී එක් තරුණයෙක්ගේ පාදය බිඳුණු විට ලී පතුරු වලින් සහ කොළ වලින් ඔවුන් එම පාදය හරි ගැස්සුහ. වාද විවාද කළමනාකරණය කරනු ලැබුවේ සුහද හමු වීම් මගිනි. සෑම දිනක්ම ආරම්භ වූයේත් අවසන් වූයේත් ගීතිකා ගැයීමෙන් සහ යාච්ඤා කිරීමෙනි. ඛේදවාචකයෙන් ගැළවී ඔවුන් නිරෝගීව පැමිණි විට ඔවුන්ගේ පවුල්වල අය විස්මපත් වූයේ ඔවුන්ගේ අවමංගල්‍ය උත්සවද අවසන් කර තිබූ හෙයිනි.

පළමු සියවසේ යේසුස්වහන්සේගේ ඇදහිලිවන්තයෙක් වීම තනිවූ අත්දැකීමක් වන්න ඇති. ඔබගේ ඇදහිල්ල නිසා පීඩා විඳිමින් පවුලෙන් ඈත්ව සිටින විට කෙනෙකුට පාවෙනවා මෙන් දැනිය හැකිය. එවැනි ඉවත දැමූවන්ට අපෝස්තලු පේත්‍රැස් කරන දිරිගැන්වීම වන්නේ විනය ඇතිව යාච්ඤාවෙන් සිටින ලෙසත් (1 පේත්‍රැස් 4:7), එකිනෙකාව බලා ගන්නා ලෙසත් (8 පදය) කාර්යය කර ගැනීමට එකිනෙකා සතු හැකියාවන් ප්‍රයෝජනයට ගන්නා ලෙසත්ය (10-11 පද). කාලය පැමිණි විට දෙවියන්වහන්සේ ඔවුන්ගේ දුක් විඳීමෙන් පසු ඔවුන්ව “සම්පූර්ණ කර, ස්ථිර කර, ශක්තිමත් කර” (5:10) ඔවුන්ව ගෙන එන සේක.

පරීක්‍ෂා කාල වලදී “ඉවත දමන ලද්දවුන්ගේ ඇදහිල්ල” අවශ්‍යය. අපි යාච්ඤා කරමින් එකමුතුව වැඩ කරන කල දෙවියන්වහන්සේ අපව ඒ තුළින ගෙන යන සේක.