සභාවේ විශේෂ උත්සවයක් සඳහා අප එය සරසමින් සිටින අතර මගේ අත්දැකීම් මදකම ගැන නායකත්වය දැරූ කාන්තාව කෙඳිරුවාය. ඇය මා වෙතින් යන තුරු සිට තව කාන්තාවක් පැමිණ “ඇය ගැන වද වෙන්න එපා. ඇයට අප කියන්නේ වැඅඅ කියලා – ඒ කියන්නේ “වැඩිපුර අනුග්‍රහය අවශ්‍යයි” කියලා”.

මම සිනහසුණෙමි. වැඩිකල් නොගොස් කෙනෙක් සමග ගැටුමක් ඇති විය. මමද ඒ ලේබලය භාවිතා කළෙමි. මම ඒ සභාවේම වාඩිවී වැඅඅ ගේ මරණ දැන්වීම අසා සිටියෙමි. ඇය තිරය පසුපස සේවය කරමින් අන් අයට ත්‍යාගශීලීව දුන් ආකාරය ගැන සභාපාලක කථා කළේය. ඇයව විනිශ්චය කිරීම සහ ඈ ගැන ඕපාදූප කීමද පසුගිය කාලයේ මම වැඅඅ යනුවෙන් ලේබල් කරන ලද අය ගැනද මට සමාව දෙන ලෙසට මම දෙවියන් වහන්සේගෙන් ඉල්ලුවෙමි. යේසුස්වහන්සේ තුළ අනෙක් ඕනෑම ඇදහිලිවන්තයෙකුට මෙන් මටත් වැඩිපුර අනුග්‍රහය අවශ්‍ය වන්නේය.

එපීස 2 හි අපෝස්තලු පාවුලු් පවසන්නේ සියලු ඇදහිලිවතුන් “ස්වභාවෙන් අනික් අය මෙන් උදහසේ දරුවෝව සිටියෙමුව” (3 පදය) කියාය. නමුත් දෙවියන්වහන්සේ අපට ගැළවීමේ ත්‍යාගය දුන් සේක. ඒ ලබා ගැනීම සඳහා අප කිසිත් නොකළ ත්‍යාගයකි. “ඒ කිසිවෙක් පාරට්ටු කර නොගන්නා පිණිස” (9 පදය) අපට හෝ කිසිවෙකුට හෝ කිසිසේත් උපයා ගත නොහැකි ත්‍යාගයකි.

මෙම ජීවිත ගමන තුළ මොහොතක් මොහොතක් පාසා අපි දෙවියන්වහන්සේට යටත් වන කල්හි ක්‍රිස්තුස්වහන්සේගේ චරිතය අප තුළින් පරාවර්තනය වන පිණිස ශුද්ධාත්මයාණන්වහන්සේ අපගේ චරිතය වෙනස් කිරීමට ක්‍රියා කරන සේක. නමුත් දෙවියන්වහන්සේ අපට සෑහෙන නිසා කෘතඥ විය හැකිය.