දියුණු වන රටවලට නොමිළයේ සෞඛ්‍ය සේවා ගෙන යන “අප්‍රිකා දයාව” යන නෞකාවේ මගේ මිතුරෙක් සේවය කළේය. මෙම කාර්යය මණ්ඩලය රෝගීන් සිය ගණනකට දිනපතා සේවය කරන අතර එසේ නොවී නම් එම සේවකයින්ට කිසිදා ප්‍රතිකාර නොලැබෙනු ඇත.

ඉඳහිට නැවට ගොඩ වන රූපවාහිනි කණ්ඩායම් ඇදවූ පාද සකස් කරන සහ ආබාධිත පාද සවි කරන විස්මිත වෛද්‍ය කාර්ය මණ්ඩලය වෙත තම කැමරාවන් යොමු කරති. සමහර විට ඔව්හු පහළ තට්ටුවට ගොස් අනිකුත් සේවක කණ්ඩායම් සමග සම්මූඛ සාකච්ඡාවන් කළත් බොහෝ විට මික් කරන කාර්යය ඔවුන්ට නොපෙනුනි.

මික් ඉන්ජිනේරුවෙකි. නමුත් ඔහුට සේවය සඳහා දී ඇත්තේ නැවේ අප ජල කොටසේ වන බැවින් ඔහු පුදුම වන බව මික් පිළිගනියි. සෑම දිනකම පාහේ ලීටර් හතළිස් දාහක් පමණ අප ජලය නිකුත් වන්නේය. මේ විෂ සහිත ජලය කළමනාකරණය කිරීම බැරෑරුම් කාර්යයකි. මික් එම පයිප්ප සහ පොම්ප නඩත්තු නොකළ හොත් “අප්‍රිකා දයාවේ” ජීවනය දෙන ක්‍රියාවන් නතර වන්නේය.

කිතුණු සේවයේ පහත තට්ටුවල අයව අමතක කරමින් ඉහළ තට්ටුවේ සිටින අයට ඔල්වරසන් දීම පහසුය. කොරින්තියානුවෝ විශේෂිත දීමනා ඇති අයව අන් අයට වඩා උසස් කළ විට පාවුල් ඔවුන්ට මතක් කර දුන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ කාර්යයේදී සැම ඇදහිලිවන්තයෙකුටම භූමිකාවක් ඇති බවත් (1 කොරින්ති 12:7-20) ඒ ආශ්චර්යමත් සුවය හෝ අන් අයට උපකාර කිරීම හෝ වූවත් සෑම දීමනාවක්ම වැදගත් බවත්ය (27-31 පද). ඇත්තෙන්ම වඩාත් කැපී නොපෙනෙන භූමිකාවන් වැඩිම ගෞරවය ලැබිය යුතු වන්නේය (22-24 පද).

ඔබ පහත තට්ටුවේ පුද්ගලයෙක්ද? එසේ නම් ඔබේ හිස ඉහළට ඔසවා ගන්න. ඔබගේ කාර්යයට දෙවියන්වහන්සේ ගෞරව කරන අතර ඔබගේ කාර්යය අප සියලු දෙනාටම අත්‍යවශ්‍යය වනු ඇත.