වසර ගණනාවකට පෙර සෙනග 218 ක් රැගෙන ගිය දුම්රියක් උතුරු මැද ස්පාඤ්ඤයේදී පීලි පැන 79 දෙනෙක් මිය ගිය අතර 66 දෙනෙක් රෝහල් ගත කෙරුණි. රියැදුරාට අනතුර විස්තර කළ නොහැකි වූවත් වීඩියෝ දර්ශනයන්ට එය විස්තර කිරීමට හැකි වුනි. භයානක වංගුවකට පෙර දුම්රිය අධික වේගයකින් ධාවනය වී තිබුණි. වේග සීමාවන් සකස් කර තිබුණේ දුම්රියේ ගමන් කරන සියලු දෙනාගේ ආරක්‍ෂාව සඳහාය. වසර 30 ක් ස්පාඤ්ඤයේ දුම්රිය සමාගමේ සේවය කර තිබුණත් කුමන හෝ හේතුවක් නිසා රියැදුරා වේග සීමාවන් නොසළකා හැරි නිසා බොහෝ දෙනෙක්ට ජීවිත අහිමි වුනි.

ද්වීතීය කථාව 5 හි මෝසෙස් තම සෙනගට දෙවියන්වහන්සේ දුන් මුල් ගිවිසුම් සීමා පුනරීක්‍ෂණය කළේය. දෙවියන්වහන්සේගේ උපදෙස් තමන්ගේම ගිවිසුම ලෙස පිළිගන්නා ලෙසට මෝසෙස් අලුත් පරම්පරාව දිරිගැන්වීය (3 පදය). ඊට පසු ඔහු දස පනත නැවත පැවසිය (7-21 පද). ආඥා නැවත කියමින්ද කලින් පරම්පරාවේ අකීකරු කම්වලින් පාඩම් ඉගෙන ගෙන මෝසෙස් ඉශ්‍රායෙල්වරුන්ව කැඳවූයේ නිහතමානීව ගෞරව කරමින් දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම මතක තබා ගන්නා ලෙසටය. ඔවුන්ගේ ජීවිතත් අන් අයගේ ජීවිතත් විනාශ නොවන පිණිස දෙවියන්වහන්සේ තම සෙනගට මාර්ගයක් සාදා දුන් සේක. ඔවුහු දෙවියන්වහන්සේගේ ප්‍රඥාව නොසළකා හැරියහොත් ඔවුන් එසේ කරන්නේ තමන්ගේම විනාශය දැක දැකය.

දෙවියන්වහන්සේ අද අපට මග පෙන්වන විට මුලු දේව ලියවිල්ලම අපගේ ප්‍රීතිය, අනුශාසනාව සහ අපගේ ජීවිත වලට ආරක්‍ෂිත වළලක්ද කර ගනිමු. එසේම ආත්මයාණන් අපට මග පෙන්වන ලෙසට උන්වහන්සේගේ ණැනවත් ආරක්‍ෂාව තුළ සිටිමින් අපගේ ජීවිත මුළුමණින්ම උන්වහන්සේට කැප කළ හැකිය.