අපව හදාවඩා ගත් ආච්චි කම්පන තත්ත්වයකට පසු ආරෝග්‍ය ශාලාවේ සිටින විට ඇගේ මොළයට කෙතරම් හානි වී ඇත්දැයි වෛද්‍යවරුන්ට සිතා ගත නොහැකි විය. ඇගේ මොළයේ ක්‍රියාකාරිත්වය ගැන දැන ගැනීම සඳහා ඇය ටිකක් සුව වන තුරු බලා සිටීමට ඔවුන්ට අවශ්‍ය වූහ. ඇය කථා කළේ වචන කිහිපයක් පමණක් වූ අතර එයින්ද තේරුම් ගත හැකි වූයේ ස්වල්පයකි. නමුත් මගේ දුවව වසර දොළහක් බලා ගත් 86 වන වියේ පසුවූ ඇය මාව දුටු විට වියළි මුඛය විවර කර “කයිලාට කොහොමද?” කියා ඇසුවාය. ඇයගේ පළමු වචන වූයේ ඇය නිදහසේ සහ පූර්ණ ලෙස ප්‍රේම කළ දැරිය ගැන විය.

යේසුස්වහන්සේගේ ගෝලයන්ගේ අකමැත්ත පිටද යේසුස්වහන්සේ දරුවන්ට ප්‍රේම කළ අතර ඔවුන්ව විශේෂ කොට සැලකූ සේක. සමහර දෙමාපියන් ක්‍රිස්තුස්වහන්සේව සොයා අවුත් ඔවුන්ගේ දරුවන් උන්වහන්සේ ඉදිරියට ගෙන ආවෝය. ඔවුන් “පිට අත්තබා” ඔවුන්ට ආශිර්වාද කිරීම උන්වහන්සේ තෝරා ගත් සේක (ලූක් 18:15). කුඩා දරුවන්ට ආශිර්වාද කිරීම ගැන සියලු දෙනාම සතුටු නොවූහ. ගෝලයෝ දෙමාපියන්ට බැන වැදී යේසුස්වහන්සේට කරදර නොකර සිටින්න යයි කීවෝය. නමුත් උන්වහන්සේ මැදිහත් වී “ළදරුවන් නොවළක්වා මා ළඟට එන්ට ඉඩ හරින්න” යයි කී සේක (16 පදය). සරල යැපිමෙන්, විශ්වාසයෙන් සහ අවංක කමින් අප දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිගත යුතු ආකාරය පෙන්වීමට උදාහරණයක් ලෙසට උන්වහන්සේ ඔවුන්ව කැඳවූ සේක.

කුඩා දරුවන්ට සැඟවුනු න්‍යාය පත්‍රයක් නැත. ඔබට ලැබෙන්නේ ඔබ දකින දෙයයි. අපගේ ස්වර්ගීය පියාණන් ළදරුවෙක් මෙන් විශ්වාසය ඇතිකර ගැනීමට අපට උපකාර කරන විට උන්වහන්සේ කෙරෙහි වන අපගේ ඇදහිල්ල සහ යැපීම දරුවෙකුගේ මෙන් විවෘත වේවා!