“හායි, පා ෆං!” සභාවේ මිතුරෙක් මට විද්්‍යුත් පණිවුඩයක් එවීය. “මේ මාසයේ කුඩා කණ්ඩායම් රැස්වීමේදී යාකොබ් 5:16 හි පවසන දේ කිරීමට සෑම දෙනාවම පොළඹවමු. අපගේ ජීවිතයේ පොර බැදීම් බෙදා ගෙන යාච්ඤා කළ හැකි විශ්වාසවන්ත ස්ථිරකමේ ආරක්‍ෂිත පරිසරයක් අපි ගොඩ නගමු”.

කෙසේ පිළිතුරු දෙන්නද කියා මොහොතකට මට සිතාගත නොහැකි වුනි. අපගේ කුඩා කණ්ඩායමේ සාමාජිකයන් එකිනෙකාව වසර ගණනාවක් දැන සිටියද අපගේ සිත් රිදීම් සහ පොර බැදීම් ගැන එකිනෙකා සමග කිසි දිනෙක විවෘතව බෙදා ගෙන නැත. කෙසේ වෙතත් අවදානමකට මුහුණ දීම භයානකය.

නමුත් අපි සියල්ලෝම පව්කාරයන් වන අතර අපි සියල්ලෝම පොර බදන්නෙමු. අප සියලු දෙනාටම යේසුස් වහන්සේ අවශ්‍ය වේ. දෙවියන්වහන්සේගේ විස්මිත අනුග්‍රහය සහ ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි වන අපගේ යැපීම ගැන කතා බහ උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට අපව දිරි ගන්වන්නේය. යේසුස්වහන්සේ සමග අපට කරදර නැති ජීවිත ඇතැයි මවා පෙන්වීමට අවශ්‍ය නොවේ.

එසේ හෙයින් “ඔව්. අපි එසේ කරමු” කියා මම පිළිතුරු දුන්නෙමි. මුළදී එය නොගැළපේ යයි සිතුණි. නුමුත් එක් අයෙක් විවෘතව බෙදා ගත් විට තව කෙනෙක් ඔහුව අනුගමනය කළේය. කිහිප දෙනෙක් නිශ්ශබ්දව සිටියත් තේරුම් ගැනීමක් එහි තිබුණි. කිසිවෙක්ට බල නොකෙරුණි. අපි කාලය අවසන් කළේ යාකොබ් 5:16 හි අවසාන කොටසේ දැක්වෙන් “එකිනෙකා උදෙසා යාච්ඤා කරන්න” යන්න කරමිනි.

එදින යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවතුන් සමග ඇති සහභාගී කමේ අනර්ඝත්වය මම අත් වින්දෙමි. ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි වන අපගේ පොදු ඇදහිල්ල නිසා එකිනෙකා සමග විවෘත වෙමින් අපගේ දුර්වලකමේදී සහ පොර බැදීම් වලදී උන්වහන්සේගේ සහ වෙනත් අයගේ උපකාරය මත අපට යැපිය හැකි වන්නේය.