2009 දී ස්ටැන්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ ගවේෂණ කණ්ඩායමක් සිසුන් 200 ක් පමණ සහභාගී කරවා ගෙන කාර්යන් සහ මතක අභ්‍යාසයන් වරින් වර එහා මෙහා කරමින් පරීක්‍ෂණයක් කළේය. පුදුමයට කරුණක් වූයේ තමන් යහපත් බහුකාර්ය කරන්නන් බව සිතා සිටි සිසුන්, වරකට එක් කාර්යක් පමණක් කිරීමට ආශා කළ සිසුන්ට වඩා අයහපත් ලෙස පරීක්‍ෂණය අවසන් කිරීමයි. බහු කාර්යන් ඔවුන්ගේ සිතුවිලි අවධානයට ලක් කිරීම මෙන්ම අනවශ්‍ය තොරතුරු තෝරා ගැනීම අපහසු කරන ලදී. අපගේ මනස වෙනතකට යොමු වන දේවල් පැමිණෙන විට අවධානය තබා ගැනීම අභියෝගයකි.

යේසුස්වහන්සේ මරියා සහ මාර්තාගේ නිවසට ගිය විට “මාර්තා බොහෝ උපස්ථන කිරීමෙන්” කරදරව සිටියාය (40 පදය). ඇගේ සහෝදරී මරියා ඇගෙන් කිසිදා බැහැර කළ නොහැකි ප්‍රඥාව සහ සමාදානය ලබා ගනිමින් වාඩි වී යේසුස්වහන්සේගේ ඉගැන්වීම් අසා සිටීමට තෝරා ගත්තාය (39-42 පද). තමාට උපකාර කරන ලෙස ඇයට කියන්නැයි මාර්තා යේසුස්වහන්සේගෙන් ඉල්ලා සිටි විට උන්වහන්සේ ඇයට මෙසේ පිළතුරු දුන් සේක : “ඔබ බොහෝ දේවල් ගැන නලංගු වී කැලඹෙන්නෙහිය. නුමුත් ඕනෑ කරන්නේ එක දෙයක්ය…” (41-42 පද).

දෙවියන්වහන්සේ අපගේ අවධානය ලබා ගැනීමට කැමති වන සේක. නමුත් මාර්තා මෙන් අපි බොහෝ කාර්යන් සහ කරදර වලින් අවධානය බිඳ ගනිමු. අපට අවශ්‍ය ප්‍රඥාව සහ බලාපොරොත්තුව දිය හැක්කේ උන්වහන්සේට පමණක් වුවද අපි දෙවියන්වහන්සේගේ අභිමුඛය මග හැර ගන්නෙමු. යාච්ඤාවෙන් සහ දේව වචනය මෙනෙහි කිරීමට ප්‍රමූඛත්වය දෙමින් අපි උන්වහන්සේ සමග කාලය ගත කරද්දී අපි මුහුණ දෙන අභියෝගයන්ට ආමන්ත්‍රණය කිරීමට අවශ්‍ය මග පෙන්වීම සහ ශක්තිය උන්වහන්සේ ලබා දෙන සේක.