වයඹ ඇලබාමාවේ ඇති ඩිස්ටල් කුහරය සෑම වසරකම විශේෂයෙන් මැයි සහ ජූනි මාසවල දහස් ගණනින් සංචාරකයන් ඇද ගන්නේ බිත්තර පිපිරී ඉන් පිටවන රෑ බදුල්ලන් නිසාය. රාත්‍රියේදී මේ රෑ බදුල්ලන් දීප්තිමත් නිල් ආලෝක ධාරාවක් නිකුත් කරති. ඔවුන් දහස් ගණනක් එකතු වූ විට විස්මිත ආලෝකයක් නික්මෙන්නේය.

එක් ආකාරයකින් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිලිවතුන් රෑ බදුල්ලන් ලෙස දක්වයි. ඔහු විස්තර කරන්නේ “වරක් නුඹලා අන්ධකාරව සිටිය නමුත් දැන් ස්වමින්වහන්සේ තුළ ආලෝකයව සිටින්නහුය” (එපීස 5:8) යනුවෙනි. නමුත් සමහර විට “මේ මාගේ කුඩා ආලෝකයට” වෙනසක් කළ හැක්කේ කෙසේද කියා අපි කල්පනා කරන්නෙමු. පාවුල් යෝජනා කරන්නේ එය තනි ක්‍රියාවක් නොවන බවයි. ඔහු අපට “ආලෝකයේ දරුවන්” යයි කියා විස්තර කරන්නේ “ආලෝකයේ සිටින ශුද්ධවන්තයන්ගේ උරුමයෙන් කොටසකට අප සුදුස්සන්” (කොලොස්සි 1:12) වන බවයි. ලෝකයේ ආලෝකය වීම සාමුහික උත්සාහයකි. ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයේ ක්‍රියාවකි. සභාවේ ක්‍රියාවකි. පාවුල් මෙය ශක්තිමත් කරන්නේ අපි “ගීතිකා වලින්ද කවි වලින්ද ආත්මික ගී වලින්ද” එකට එක්ව නමස්කාර කරන රෑ බදුල්ලන් වන අපගේ චිත්‍රයක් සමගිනි (එපීස 5:19).

දැඩි අන්ධකාර සංස්කෘතියක අපගේ සාක්‍ෂිය එක් කුඩා තිතක් යයි සිතමින් අප අධෛර්යට පත් වන විට අපට බයිබලයෙන් සහතිකයක් ලබා ගත හැකිය. අප තනිවී නැත. එක්ව දෙවියන්වහන්සේ මග පෙන්වන ලෙසට අපට වෙනසක් කරමින් දීප්තිමත් ආලෝකයක් විහිදිය හැකිය. එයින් දැක්වෙන්නේ රෑ බදුල්ලන් වන සභාවේ මුළු සෙනගටම විශාල ආකර්ශණයක් කළ හැකි බවයි.