තම බාල සහෝදරියගේ ඇඟට භයානක බල්ලෙක් පනින විට බි්‍රජර් වෝකර්ට වයස අවුරුදු හයකි. බිජර් ඉවෙන් මෙන් බල්ලා ඉදිරියට පැන්නේ ඒ බල්ලාගේ දරුණු ප්‍රහාරයෙන් තම සහෝදරිය බේරා ගැනීමටය. හදිසි අනතුරු ප්‍රතිකාර සහ මැහුම් අනූවක් මුහුණට දැමූ පසු බි්‍රජර් තම ක්‍රියාව විස්තර කළේය : “කෙනෙක් මැරෙනවා නම් ඒ මැරෙන්න ඕනෑ මම කියලා මම සිතුවෙමි”. ස්තූතිවන්ත විය හැකි ලෙස ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු බි්‍රජ්ර්ගේ මුහුණ සුව කර තිබුණි. නමුත් ඔහු තම සහෝදරිය වැළඳ ගෙන සිටින මෑතකදී ගන්නා ලද ඡායාරූපයේ ඔවුන්ගේ සහෝදර ප්‍රේමය එදා මෙන් අදත් ශක්තිමත්ව තිබෙන බවට සාක්‍ෂි දරයි.

පවුලේ සාමාජිකයන් එකිනෙකා රැක බලා ගනිමින් එකිනෙකා ගැන සැළකිය යුතු වේ. සත්‍ය සහෝදරයෝ අපි කරදරයක සිටින විට ඉදිරිපත් වෙති. අපි භය වී හෝ තනි වී හෝ සිටින විට අප සමග සිටිති. සත්‍ය ලෙස අපගේ හොඳම සහෝදරයෝ පවා අසම්පූර්ණය. සමහරු අපට රිදවති. කෙසේ වෙතත් නිතරම අපේ පසෙකින් සිටින එක සහෝදරයෙක් අපට සිටියි. ඒ යේසුස්වහන්සේය. නමුත් හෙබ්‍රෙව් පොත අපට කියන්නේ ක්‍රිස්තුස්වහන්සේ යටහත් ප්‍රේමයේ ක්‍රියාවක් ලෙස මනුෂ්‍ය පවුලට එකතු වී අපගේ “ලේ හා මාංසයට පංගුකාරයෙක්ව” “සියලු දෙයින්ම තමන්ගේ සහෝදරයන්ට සමානවන්ට” අප මෙන් වූ බවයි (2:14 සහ 17). එහි ප්‍රතිඵලයක් ලෙස අපගේ සත්‍යම සහෝදරයා යේසුස්වහන්සේ වන අතර අපට “සහෝදරයෝ” යයි කියන්ට උන්වහන්සේ සන්තෝෂ වන සේක (11 පදය).

අපි යේසුස්වහන්සේට අපගේ ගැළවුම්කරුවාණන්, මිතුරා සහ රජු ලෙස ආමන්ත්‍රණය කරන අතර මේ සියල්ලම සත්‍යය. කෙසේ වෙතත් යේසුස්වහන්සේ අපගේ සෑම මනුෂ්‍ය භියක් සහ පරීක්‍ෂාවක්ද සෑම කලකිරීමක් හෝ වේදනාවක්ද අත්විඳ ඇති අපගේ සහෝදරයාද වන සේක. අපගේ සහෝදරයා සෑම විටම අපගේ පසෙකින් සිටින සේක.