අන්තර් ජාලය තුළ තරඟකාරීත්වය ඉතා උග්‍රවී තිබේ. පාරිභෝගිකයන් ඇද ගැනීමට සමාගම් නිර්මාණශීලි ක්‍රම වර්ධනය කරති. නිදසුනක් ලෙස සුබාරු වාහන අරගන්න. සුබාරු අයිතිකරුවන් සුප්‍රසිද්ධ ලෙස විශ්වාසවන්ත වන හෙයින් සමාගම විසින් “සුබී අතිප්‍රේක්‍ෂකයන්ට” වාහන වල සන්නාම තානාපතියන් වන ලෙසට ඇරයුම් කළහ.

සමාගමේ වෙබ් අඩවිය පවසන්නේ “සුබාරු තානාපතිවරුන් ඊටම කැපවුනු ශක්තියෙන් පිරි කැපී පෙනෙන කණ්ඩායමක් වන අතර ඔව්හු වර්ගයේ අනාගතය හැඩ ගැස්වීම සඳහා සුබාරු පිළිබඳ වචනය පැතිරවීමට ඇල්මෙන් සහ උද්f්‍යා්ගයෙන් යුතුව ස්වෙච්ඡාවෙන් කටයුතු කරන බවයි”. සුබාරු අයිතිකරුවන්ට අවශ්‍ය වන්නේ සමාගම ජනතාවගේම අනන්‍යතාවයේ කොටසක් වන්නයි. එනම් ඔවුන් එයට කෙතරම් ඇල්මක් දක්වන්නේද යත් එය බෙදා ගන්නවා හැරෙන්ට ඔවුන්ට වෙන විකල්පයක් නොමැති වන පිණිසය.

2 කොරින්ති 5 හි පාවුල් වෙනස් වර්ගයක “තානාපතීන්” පිළිබඳ වැඩ සටහනක් ගැන කථා කරයි. ඒ යේසුස්වහන්සේව අනුගමනය කිරීමට අන් අයව කැඳවන වැඩ සටහනකි. එතැන් පටන් ස්වාමින්වහන්සේ කෙරෙහි භයවීම කිමෙක්දැයි දන්නාවූ අපි අන් අයව පෙළඹවීමට උත්සාහ කරන්නෙමු (11 පදය). පාවුල් ඊලඟට මෙසේ එකතු කරයි : “…… සමගි කිරීමේ වචනයද අපට භාර දුන් සේක. එබැවින් දෙවියන්වහන්සේ අප ලවා ඉල්වන්නාක් මෙන් අප ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් තානාපතියෝව සිට: දෙවියන්වහන්සේ හා සමගි වෙන්න යයි ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් නුඹලාගෙන් ඉල්ලමුව” (19-20 පද).

බොහෝ නිෂ්පාදන ගැඹුරු අවශ්‍යතා සැපයීමටද ප්‍රීිතිය, පූර්ණකම හා අරමුණු ලබා දීමටද පොරොන්දු වේ. නමුත් එක් පණිවුඩයක් එනම් යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන් ලෙසට අපට ලබා දී ඇති සමගි කිරීමේ පණිවුඩය තමයි ඇත්තෙන්ම ශුභාරංචිය වී ඇත්තේ. එම පණිවුඩය කලකිරීමෙන් සිටින ලෝකයකට බෙදා දීමේ වරප්‍රසාදය අප සතුව තිබේ.