ආචාර්ය රිචඞ් ස්වෙන්සන් ඔහුගේ පොත වන “මාර්ජින්” හී ලියා ඇත්තේ මෙසේය : “අපට හුස්ම ගැනීමට යම් ඉඩක් තිබිය යුතුය. අපට සිතීමට නිදහසක්ද සුව වීමට අවසරද තිබිය යුතුය. අපගේ සම්බන්ධතා ප්‍රවේගය නිසා සාගින්නට පත්ව තිබේ. අපගේ අතිප්‍රවේගශීලී යහපත් අරමුණු වලින් යටවී තුවාල වී අපගේ දරුවන් පොළොවේ වැතිර සිටිති. දෙවියන්වහන්සේ දැන් අධිවේගයට පක්‍ෂද? උන්වහන්සේ තවදුරටත් සෙනගව නිසල දිය අසළින් ගෙන යන්නේ නැද්ද? අතීතයේ තිබූ පළල් විශාල අවකාශ සොරකම් කළේ කවුරුන්ද? ඒවා ආපසු ලබා ගන්නේ කෙසේද?” ස්වෙන්සන් පවසන්නේ දෙවියන්වහන්සේ සමග නිවාඩු ගෙන උන්වහන්සේ හමුවීමට නිසල සශ්‍රීක දේශයන් අපගේ ජීවිතයට අවශ්‍ය බවයි.

එය මතකයන් අවදි කරන්නේද? විවෘත අවකාශ සෙවීම මෝසෙස් හොඳින් කළ දෙයකි. “තද කුළල්” (නික්මයාම 33:5) සහිත ජාතියක් ගෙන යන අතර ඔහු බොහෝ විට දෙවියන්වහන්ගේ නිවාඩුව සහ මගපෙන්වීම ලබන පිණිස පසු බැස්සේය. උන්වහන්සේ “සම්මුඛ වීමේ කූඩාරමේදී” “මනුෂ්‍යයෙක් තමාගේ මිත්‍රයාට මුහුණට මුහුණ ලා කථා කරන්නාක් මෙන් ස්වාමින්වහන්සේ මෝසෙස් සමග කථා කළ සේක” (11 පදය). යේසුස්වහන්සේද බොහෝ විට “වනාන්තර ස්ථානවලට අහක්ව ගොස් යාච්ඤා කළ සේක” (ලූක් 5:16). උන්වහන්සේද මෝසෙස්ද පියාණන් සමග තනිව ගත කරන කාලයේ වැදගත්කම දැන සිටියෝය.

අපටද අපගේ ජීවිතවලට පළල් අවකාශයන් අවශ්‍ය වේ. ඒ විවේක ගැනීමට සහ දෙවියන්වහන්සේගේ අභිමුඛයෙහි සිටීමටය. උන්වහන්සේ සමග කාලය ගත කිරීම වඩා හොඳ තීරණ ගැනීමටද උන්වහන්සේට මෙන්ම අන් අයට ප්‍රේම කිරීමට අපගේ ජීවිතවලට ඉඩ නිර්මාණය කර ගැනීමටද අපට උපකාර වනු ඇත.

අද විවෘත ස්ථානවල අපි දෙවියන්වහන්සේව සොයමු.