“ඔබේ මීමැස්සෝ පියාඹති” කියා මගේ භාර්යාව දොරින් හිස දමා කීවේ මීමැසි පාලකයෙක් ඇසීමට කැමති නැති ප්‍රවෘත්තියකි. මා පිටතට දිව ගිය විට දුටුවේ දහස් ගණන් මීමැස්සෝ නැවත නොඑන පිණිස උස පයින් ගසක් වෙත පියාඹා යන ආකාරයයි.

මීමැස්සන් ඉවත් වන කාලයන් ගැන දැක්වෙන ඉඟි පිළිබඳව කියවීම මම ප්‍රමාද කර තිබුණි. ඒ සතියක් පමණ තිබූ කුණාටු මගේ නිරීක්‍ෂණයන්ට බාධා කළ හෙයිනි. කුණාටු අවසන් වූ උදෑසනම මීමැස්සන් ඉවත් වූහ. මීමැසි ජනපදය අලුත් වූ අතර සෞඛ්‍ය සම්පන්න විය. ඇත්තෙන්ම මීමැස්සන් මීවදය බෙදුවේ අලුත් එකක් සාදන පිණිසය. මගේ කලකිරීම දුටු අත්දැකීම් බහුල මී මැසි පාලකයෙක් “ඔබ වරදක් කළා යයි සිතන්න එපා” කියා සතුටින් මට කීවේය. “මෙය ඕනෑම කෙනෙක්ට විය හැකියි”.

දිරිමත් කිරීම අනර්ඝ දීමනාවකි. තම ජීවිතය ගැනීමට සාවුල් පන්නා ගෙන එද්දී අධෛර්යට පත්වූ දාවිත්ව සාවුල්ගේ පුත්‍ර යොනාතාන් දිරිමත් කළේය. “භය නොවන්න. මක්නිසාද මාගේ පියවූ සාවුල්ගේ අතට නුඹ අසුනොවන්නෙහිය. නුඹ ඉශ්‍රායෙල් කෙරෙහි රජ වන්නෙහිය. මමද නුඹට දෙවෙනියා වන්නෙමි. මාගේ පියවූ සාවුල් ඒ බව දන්නේ යයි ඔහුට කීය” (1 සාමුවෙල් 23:17).

ඒ සිංහාසනයට උරුමකම් කියන දෙවෙනියෙකුගෙන් ඇසෙන පරාර්ථකාමී වචන වන්නේය. එය හරියටම දාවිත් සමග දෙවියන්වහන්සේ සිටින බව යොනාතාන් දැන හඳුනාගෙන සිටි හෙයින් ඔහු ඇදහිල්ලේ යටහත් ආත්මයකින් කථා කළා වැනිය.

අප අවට දිරිමත් කිරීමක් අවශ්‍ය බොහෝ දෙනෙක් සිටිති. අපි දෙවියන්වහන්සේ ඉදිරියෙහි යටහත් වී අප තුළින් ඔවුන්ට ප්‍රේම කරන ලෙසට ඉල්ලා සිටින විට ඔවුන්ට උපකාර කිරීමට දෙවියන්වහන්සේ අපට උපකාර කරන සේක.