ඉරිදා රැස්වීම අවසන් වන විටම වාගේ තරුණ මවක් ඇගේ දරුවන් දෙදෙනාද සමග පැමිණ “රැස්වීම අවසන්ද” කියා ඇසුවාය. නමුත් පිළිගන්නෙකු පැවසුවේ අසල සභාවක රැස්වීම් දෙකක් පැවැත්වෙන බවත් දෙවෙනි එක තව මොහොතකින් ආරම්භ විය හැකි බවත්ය. ඔබ වාහනයකින් යන්න කැමතිද? තරුණ මව ඔව් යයි පැවසුවාය. අනෙක් සභාවට ඇති කෙටි දුර වාහනයකින් යාමට ඇය කැමැත්ත පළ කළාය. ඒ ගැන නැවතත් ආවර්ජනය කළ පිළිගැනීමේ සහායකයා “සභාව අවසන්ද? කිසිසේත්ම නැත. දෙවියන්වහන්සේගේ සභාව සදාකාලටයම පවතින්නේය” යනුවෙන් නිගමනය කළේය.

සභාව යනු බිඳෙන සුළු “ගොඩනැගිල්ලක්” නොවේ. ඒ දෙවියන්වහන්සේගේ විශ්වාසවන්ත පවුලය. පාවුල් ලියා ඇති පරිදි සභාව “ප්‍රේරිතයන්ගේත් ප්‍රොපේතවරුන්ගේත් අත්තිවාරම පිට ඉදි කරනු ලැබ සිටින්නහුය. ක්‍රිස්තුස්වහන්සේම එහි කොණේ ප්‍රධාන ගලව සිටින සේක. උන්වහන්සේ තුළ මුළු ගොඩනැගිල්ල හොඳ හැටියට එකතු කරන ලදුව ස්වාමින්වහන්සේ තුළ ශුද්ධවූ මාළිගාවක්ව සෑදීගන යන්නේය. උන්වහන්සේ තුළ නුඹලාත් ආත්මයාණන්වහන්සේ කරණකොට ගෙන දෙවියන්වහන්සේගේ වාසය පිණිස එකට ගොඩනගන ලද්දාහුය” (එපීස 2:19-22).

සදාකාලය පිණිස යේසුස්වහන්සේම තම සභාව පිහිටවූ සේක. උන්වහන්සේ ප්‍රකාශ කළේ අභියෝග සහ කරදර පැමිණියද “පාතාලයේ දොරටු ඒක පරාජය නොකරන්නේය” කියාය (මතෙව් 16:18).

මෙම බලගැන්වීමේ කථාච තුළින් “සියලු පරම්පරාවන් දක්වා සභාවෙහි ක්‍රිස්තුස්වහන්සේ තුළ සදාකාලයටම” (එපීස 3:21) ගොඩ නගා ඇති විශ්ව සභාවේ කොටසක් ලෙස අපගේ දේශීය සභා සහ අප සියලු දෙනාම අපට දැකිය හැකිය.