සාක්‍ෂිකරුවන් යන ඔහුගේ කාව්‍යයේ හෙන්රි වර්ඞ්ස්වර්ත් ලෝංෆෙලෝ (1807-1882) ගිලුණු වහල් නැවක් ගැන විස්තර කරයි. ඔහු “දම්වැල් වලින් බැඳ තිබූ ඇටසැකිලි” ගැන විස්තර කරද්දී වහල්කමේ අසිමිතවූ නිර්නාමික වූ වින්දිතයන් ගැන ලෝංෆෙලෝ වැලපේ. අවසන් පදය පවසන්නේ “මේ වහලුන්ගේ අඳෝනාය/ ඔවුහු පාතාලයේ සිට රවා බලති / ඔවුහු නොදන්නා සොහොන්වල සිට මොරගසති / අපි සාක්‍ෂිකාරයෝ වන්නෙමු” කියාය.

මේ සාක්‍ෂිකරුවන් කථා කරන්නේ කාටද? එවැනි නිසල සාක්‍ෂි නිෂ්ඵල නොවේද?

නමුත් මේ සියල්ල දකින සාක්‍ෂිකරුවෙක් සිටී. කායින් ආබෙල්ව මරා දැමූ පසු ඔහු කිසිදෙයක් නොවූ ආකාරයට ව්‍යාජ ලෙස සිටියේය. ඔහු දෙවියන්වහන්සේව නොසළකා හරිමින් “මම මාගේ සහෝදරයාගේ රැකවලාද” කියා ඇසුවේය. නුමුත් “නුඹේ සහෝදරයාගේ ලෙයේ ශබ්දය භූමියෙන් මට හඬ ගසයි. දැනුදු නුඹේ සහෝදරයාගේ ලෙය පිළිගන්නා පිණිස මුඛය ඇරියාවූ භූමියෙන් නුඹ ශාප ලද්දෙක්ය” (උත්පත්ති 4:9-11) කියා දෙවියන්වහන්සේ කී සේක.

කායින්ගේ නම අනතුරු ඇඟවීමක් ලෙස ක්‍රියාත්මක වේ. “තමාගේ සහෝදරයා මැරුවාවූද නපුරාගෙන් වූද කායින් මෙන් නොවෙමු” (1 යොහන් 3:12) කියා ගෝලයෙක් වූ යොහන් අනතුරු අඟවයි. ආබෙල්ගේ නමද තවම පවතී. නමුත් වෙනස් වූ ආකාරයකිනි. හෙබ්‍රෙව් රචකයා ලීවේ “ඇදහිල්ලෙන්, ආබෙල් කායින්ට වඩා උතුම් පූජාවක් දෙවියන්වහන්සේට ඔප්පු කළේය. …….. ඔහු මළ නුමුත් ඒ ඇදහීමෙන් තවම කථා කරන්නේය” (හෙබ්‍රෙව් 11:4) යනුවෙනි.

ආබෙල් තවම කථා කරයි. බොහෝ කල් අමතකවූ වහලුන්ගේ ඇට කටුද එසේමය. එවැනි වින්දිතයන් මතක් කර ගැනීම සහ කොහේ හෝ පීඩනය දකින විට එයට එරෙහි වීමද හොඳය. දෙවියන්වහන්සේ සියල්ල දකින සේක. උන්වහන්සේගේ විනිශ්චය ජය ගනු ඇත.