මාගේ දීර්ඝ කාලීන මිතුරා හා මා හමුවී සෑහෙන කාලයකි. ඒ කාලය තුළ ඔහුට පිළිකාවක් ඇති බව හඳුනා ගෙන ප්‍රතිකාර පටන් ගෙන තිබුණි. ඔහුගේ ප්‍රාන්තයට බලාපොරොත්තු රහිතව ගිය ගමනකදී මට ඔහුව නැවත හමුවීමේ අවස්ථාව උදා වුනි. මම ආපනශාලාවට ගියෙමි. අප දෙදෙනාගේ ඇස්වල කඳුළු පිරුණි. අප දෙදෙනා එකම කාමරයේ සිටියේ බොහෝ කාලයකට පසුය. දැන් කොණක මරණය නැවී සිටිමින් අපට ජීවිතයේ කෙටි බව මතක් කරමින් සිටියි. අපගේ ඇස්වල කඳුළු පිරුණේ දිගු මිත්‍රත්වය, අත්දැකීම් සහ පැරණි මතකයන්, සිනහව, වියෝව සහ ප්‍රේමය නිසාවෙනි. එතරම් ප්‍රේමයක් තිබූ නිසා අප දෙදෙනා දුටු විගසම එය ඇස්වලින් වැගිරුණි.

යේසුස්වහන්සේද ඇඬූ සේක. එම මොහොත යොහන් ශුභාරංචියේ වාර්තා වන්නේ “ස්වාමිනී ඇවිත් බැලුව මැනව” කියා යුදෙව්වන් කී පසු යේසුස්වහන්සේ තම ප්‍රිය මිතුරු ලාසරුස්ගේ සොහොන ඉදිරියෙහි සිටි අවස්ථාවේදීය (11:34). ඉන් පසු යේසුස්වහන්සේ අපගේ මනුෂ්‍යකම බෙදා ගන්නා ගැඹුර පෙන්වන වචන වන එනම් “යේසුස්වහන්සේ ඇඬූසේක” (35 පදය) යන වචන අපි කියවන්නෙමු. ඒ වේලාවේදී යොහන් ලියූ සහ නොලියූ තවත් බොහෝ දේවල් තිබුණේද? එසේය. මාද විශ්වාස කරන්නේ “මුන්වහන්සේ මොහුට කොපමණ ආදරේ වූ සේක්දැයි බලන්න” යනුවෙන් දැක්වූ ප්‍රතිචාරයයි. ඒ වැකිකඩ නැවතී අපගේ සියලු දුර්වලතා දන්නා මිතුරාට නමස්කාර කිරීම ඕනැවටත් වඩා සෑහේ යයි අපට පවසයි. යේසුස්වහන්සේ මාංසයද රුධිරයද කඳුළුද වන සේක. යේසුස්වහන්සේ ප්‍රේමකරන සහ තේරුම්ගන්නා ගැළවුම්කරුවාණන්ය.