දවසේ වැඩ කටයුතු අවසන් වූ විට ඇතිවන නිසලතාවයේ මම වාඩිවී සිටියෙමි. මගේ කුඩා පරිඝණකය (ලැප්ටොප්) මා ඉදිරියෙහි විය. මා එදින අවසන් කළ වැඩය ගැන ප්‍රමෝදයට පත් විය යුතුව තිබුණත් එසේ නොවුනි. මම වෙහෙසව සිටියෙමි. වැඩ වල කරදරයක් ගැන තිබූ කණස්සල්ලක් නිසා මගේ උරහිස් රිදුණු අතර මගේ මනස කරදරකාරී සම්බන්ධයක් ගැන කල්පනා කර වෙහෙසට පත්ව තිබුණි. ඒ සියල්ලෙන්ම පලා යාමට මට අවශ්‍ය වුනි. එදින රාත්‍රියේ රූපවාහිනිය නැරඹීමට මගේ සිතුවිලි සැරිසැරීය.

නමුත් මම දෑස් පියා ගත්තෙමි. “ස්වාමිනී” යැයි කෙඳිරුවෙමි. වෙහෙස නිසා ඊට වඩා යමක් කීමට මට නොහැකි වුනි. ඒ එක වචනයට මගේ මුළු වෙහෙසම ඉවත් වුනි. කෙසේ හෝ වෙහෙස යා යුතු ස්ථානය කුමක්දැයි ක්‍ෂණයකින් මම දැන ගත්තෙමි.

වෙහෙසව බර උසුලන්නාවූ අපට යේසුස්වහන්සේ පවසන්නේ “මා වෙතට එන්න. මම නුඹලාට සහනය දෙන්නෙමි” කියාය (මතෙව් 11:28). ඒ හොඳ රාත්‍රී නින්දක විශ්‍රාමය නොවේ. රූපවාහිනිය ලබා දෙන විශ්‍රාමයෙන් නොවේ. ප්‍රශ්නයක් විසඳුන විට ලැබෙන සහනයද නොවේ. මේවා විශ්‍රාමයේ හොඳ මූලාශ්‍ර වූවත් ඒවා ලබා දෙන්නේ කෙටි කාලීන සහ අපගේ වාතාවරණයන් මත යැපෙන විශ්‍රාමයකි.

සංසන්දනාත්මකව යේසුස්වහන්සේ ලබා දෙන සහනය සදාකාලික සහ උන්වහන්සේගේ නොවෙනස්වන චරිතයෙන් සහතික කරන ලද්දකි. උන්වහන්සේ සැම විටම යහපත්ය. කරදර මධ්‍යයේ වුවද අපගේ ආත්මයන්ට උන්වහන්සේ සත්‍යය සහනය ලබා දෙන්නේ උන්වහන්සේ පාලනය කරන බව අප දන්නා නිසාය. අපට විශ්වාස කරමින් උන්වහන්සේට යටත් විය හැකිය. අපට අල්ලා ගෙන වර්ධනය විය හැක්කේ උන්වහන්සේ පමණක් දෙන ශක්තිය සහ ප්‍රතිෂ්ඨාපනය නිසාය.

“මා වෙතට එන්න”. “මා වෙතට එන්න” කියා යේසුස්වහන්සේ කියන සේක.