බීප් බේස් බෝල් ක්‍රීඩාවේදී අන්ධ ක්‍රීඩකයෝ බීප් පන්දුවට හෝ බස්ස්ස් ශබ්දය දෙන කට්ටියට හෝ සවන් දෙමින් තමන් යා යුත්තේ කොහාටද කළ යුත්තේ කුමක්දැයි දැන ගනිති. ඇස් බැඳ ඇති පීතිකරුවන් (ඒ විවිධ මට්ටම්වල අන්ධබාවය ඇති අය සිටින නිසා) සහ පෙනෙන පන්දු යවන්නා සිටින්නේත් එකම කණ්ඩායමකය. පිතිකරුවා පිත්ත වනා බීප් පන්දුවට ගැසූ විට ඔහු/ඇය බස්ස් ශබ්දය ඇති කට්ටිය වෙත දිව යන්නේය. පීතිකරුවා කට්ටිය වෙත යාමට පෙර පන්දු රකින්නා පන්දුව අල්ලා ගත හොත් පිතිකරුවා දැවී යන්නේය. එසේ නොවුනොත් පිතිකරුවාට ලකුණක් හිමි වේ. එක් ක්‍රීඩකයෙක් කීවේ පැහැදිලි මාර්ගයක් හා දිසාවක් ඔහු දන්නා නිසා “දිවීමේදී දැනෙන මහත් නිදහස” හොඳම කොටස බවයි.

යෙසායා පොත පවසන්නේ දෙවියන්වහන්සේ “සෘජුගුණාන්විතවූ තැනන්වහන්ස, ඔබවහන්සේ ධර්මිෂ්ඨයාගේ මාවත හසුරුවන සේක” (යෙසායා 26:7) කියාය. මෙය ලියන කාලයේදී ඉශ්‍රායෙල්ගේ මාර්ගය කිසිසේත් සෘජුව පෙණුනේ නැත. ඔවුහු ඔවුන්ගේ අකීකරුකමට දිව්‍යමය විනිශ්චය බලාපොරොත්තුවෙන් සිටියහ. යෙසායා ඔවුන්ව දිරිමත් කළේ බොහෝ විට අසීරු නමුත් මෘදු මාවත වන ඇදහිල්ලෙන් සහ කීකරුකමෙන් ගමන් කරන ලෙසයි. ඔවුන්ගේ හදවතේ අවධානය විය යුත්තේ දෙවියන්වහන්සේගේ “නාමය සහ සංඥානාමය” (8 පදය) ගැන සැළකිලිමත් වීමය.

යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන් ලෙස අපි දෙවියන්වහන්සේ ගැන බොහෝ දේ දැනගැනීමට පැමිණ කීකරුකමෙන් උන්වහන්සේගේ මාර්ගය අනුව යමින් උන්වහන්සේගේ විශ්වාසවන්ත චරිතය මත අපගේ විශ්වාසය ගොඩ නගා ගනිමු. අපගේ මාර්ගය සෑම විටම මෘදු යයි දකින්නේ හෝ පෙනෙන්නේ නැත. දෙවියන්වහන්සේ අප සමග පසෙකින් සිටි බවත් අපට මාර්ගයක් සාදන බවත් අපට උන්වහන්සේ විශ්වාස කරමින් සහතික විය හැකිය. දෙවියන්වහන්සේ අපට සුදානම් කර ඇති හොඳම මාර්ගයේ කීකරුකමෙන් දුවද්දී අපටත් නිදහස දැනෙනු ඇත.