සමහර විට බ්‍රයන් සමග දිවීමට යාමට කැමති නොවන්න මට ඉඩ තිබුණි. මම විදේශ රටක සිටි අතර අප යන දිසාව හෝ කොපමණ දුරක් යන්නේද කියා හෝ මාර්ගය කෙසේ වේවිද කියා හෝ පිළිබඳව මට කිසිම අදහසක් නොතිබුණි. එසේම ඔහු මට වඩා වේගයෙන් දුවයි. ඔහු සමග දිවීමට ගොස් මගේ වළලුකර ඇඹරේවිද? බ්‍රයන් මාර්ගය දන්නා නිසා මා කළ යුතු වූයේ ඔහුව විශ්වාස කිරීම පමණී. අපි ආරම්භ කළ විගස මගේ කණස්සල්ල තවත් වැඩි විය. පාර රළු වූ අතර එය කැලෑවක් මැදින් වූ වංගු සහිත මාර්ගයක් වූයේය. ස්තුතිවන්ත වන්න බ්‍රයන් මා ගැන සොයා බැලීමට පසුපස හැරෙමින් ඉදිරියේ ඇති රළු ස්ථාන ගැන මට අනතුරු ඇඟවීය.

සමහර විට බයිබල් කාලයේ නොදන්නා ස්ථාන වලට යන විට සමහරුන්ට මෙලෙස සිතෙන්න ඇති. ඒ කානාන්හි ආබ්‍රහම්, වනාන්තරයේ ඉශ්‍රායෙල්වරුන්, යේසුස්වහන්සේගේ ගෝලයන් ශුභාරංචිය බෙදාගැනීමට යන විට සමහර විට මෙසේ දැනෙන්න ඇති. ඔවුන් දැන සිටියේ ගමන රළු වන බව මිස ඒ ගැන කිසි ඉඟියක් ඔවුන්ට නොතිබුණි. නමුත් ඔවුන්ට ඉදිරියෙන් මග පෙන්වන මාර්ගය දන්නා කෙනෙක් සිටියේය. නමුත් දෙවියන්වහන්සේ ඔවුන්ට ගමන නිම කිරීමට අවශ්‍ය ශක්තිය දෙන බවද උන්වහන්සේ ඔවුන් ගැන බලා ගන්නා බවද ඔවුන්ට විශ්වාස කරන්ට සිදුවිය. ඉදිරියෙහි ඇත්තේ කුමක්දැයි නියත වශයෙන්ම උන්වහන්සේ දැන සිටි හෙයින් ඔවුන්ට උන්වහන්සේ අනුව යා හැකි වුනි.

මෙම ස්ථිරකම පලා යන අවස්ථාවේදී දාවිත්ට සැනසීමක් ගෙන දුන්නේය, විශාල අවිනිශ්චිතභාවයක් තිබුණද ඔහු දෙවියන්වහන්සේට කීවේ ර්‍ණමාගේ ආත්මය මා තුළ ක්ලාන්ත වු කල ඔබ මාගේ මාවත දැන ගත් සේක” :ගීතාවලිය 142ථ8* යනුවෙනි. ඉදිරියෙහි කුමක් සිදුවේදැයි අපි බියවන කාලයන් තිබේ. නමුත් අපි මෙය දනිමු ථ එනම් අප සමග ගමන් කරන අපගේ දෙවියන්වහන්සේ මාර්ගය දන්නා සේක.