ලයිෆ් සඟරාවේ 1968 ජුලි 12 පිට කවරයේ (සිවිල් යුද්ධ කාලය තුළ නයිජීරියාවේ) බියාෆ්‍රා හි කුසගින්නෙන් පෙළෙන දරුවන්ගේ කේදනීය ඡායාරූපයක් ප්‍රදර්ශනය කළේය. කලබලයට පත් වූ කුඩා දරුවෙක් දේවගැතිවරයෙකු වෙතට සඟරාවේ පිටපතක් ගෙන ගොස් “දෙවියන්වහන්සේ මේ ගැන දන්නවාද?” කියා ඇසුවේය. දේවගැතිවරයා පිළිතුරු දෙමින්, “ඔබට තේරුම්ගත නොහැකි බව මම දනිමි, නමුත්, ඔව්, දෙවියන්වහන්සේ ඒ ගැන දන්නා සේක” කියා කීවේය. එවැනි දෙවි කෙනෙකු ගැන උනන්දුවක් නැති බව ප්‍රකාශ කරමින් දරුවා පිටව ගියේය.

මේ ප්‍රශ්න ළමුන්ට පමණක් නොව වැඩිහිටි අප සියලු දෙනාටම කැලඹීමක් ඇති කරයි. දෙවියන්වහන්සේගේ අභිරහස් පිළිබඳ තහවුරු කිරීමක් සමඟින්, අතීතයේ හි ජාතියක් වූ බියාෆ්‍රා වැනි ස්ථානවල පවා දෙවියන්වහන්සේ නොනවත්වා ලියන මහා කාව්‍යය ගැන එම දරුවා අසා තිබුණා නම් කියා මම ප්‍රාර්ථනා කළෙමි.

යේසුස්වහන්සේ විසින් උන්වහන්සේගේ අනුගාමිකයින් සඳහා මෙම කථාව විස්තර කළේ, උන්වහන්සේ ඔවුන්ව දුෂ්කරතාවලින් ආරක්ෂා කරනු ඇතැයි උපකල්පනය කළ අය සඳහා ය. ඒ වෙනුවට ක්‍රිස්තුස්වහන්සේ ඔවුන්ට පැවසුවේ “ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ” කියාය. කෙසේ වෙතත්, යේසුස්වහන්සේ ඉදිරිපත් කළ පොරොන්දුව නම්, මෙම නපුරුකම් අවසානය නොවන බවයි. ඇත්ත වශයෙන්ම, උන්වහන්සේ දැනටමත් “ලෝකයෙන් ජය ගත්” බව පැවසූ සේක (යොහන් 16:33). තවද දෙවියන්වහන්සේගේ අවසාන පරිච්ඡේදයේ සෑම අයුක්තියක්ම අහෝසි වන බවත්, සෑම දුක් වේදනාවක්ම සුව වන බවත් සඳහන් වන්නේය.

උත්පත්ති සිට එළිදරව් දක්වා දෙවියන්වහන්සේ අපට සිතාගත නොහැකි තරම් සෑම නපුරක්ම විනාශ කර, සෑම වරදක්ම නිවැරදි කිරීම පිළිබඳ කතාව විස්තර කරයි. මෙම කතාවෙන් ඉදිරිපත් කරන්නේ අප කෙරෙහි ඇති උනන්දුව ගැන ප්‍රශ්න කළ නොහැකි ප්‍රේමණීයවූ තැනැන්වහන්සේ කෙනෙක් ගැනයි. යේසුස්වහන්සේ තම ගෝලයන්ට පැවසුවේ, “…… මා තුළ නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි” යනුවෙනි (33 පදය). අද දින අපි උන්වහන්සේගේ සමාදානයේ සහ අභිමුඛයේ විවේක ගනිමු.