වසංගතය අතරතුර මුව ආවරණයක් පැළඳීමේ නීතිය ලිහිල් වූ විට, ඒවා තවමත් අවශ්‍ය ස්ථාන එනම් මගේ දුවගේ පාසල සඳහා, මුව ආවරණයක් මා ලඟ තබා ගැනීම මතක් කර ගැනීමට මට අරගලයක් කරන්න සිදුවුනි. දිනක් මට මුව ආවරණයක් අවශ්‍ය වූ විට, මගේ මෝටර් රථයේ තිබී එක මුව ආවරණයක් සම්භ විය. එහි ඉදිරිපසින් “ආශීර්වාද ලත්” කියා ලියා තිබූ නිසා එය පැළඳීමෙන් මම වැළකී සිටියෙමි.

පණිවිඩයක් නොමැති මුව ආවරණයන් පැළඳීමට මම කැමැත්තෙමි, එමෙන්ම මා සොයාගත් මුව ආවරණයෙහි වචනය ඕනෑවට වඩා භාවිතා කරන ලද්දක් බව මම විශ්වාස කරන්නෙමි. එහෙත් මට වෙන විකල්පයක් නොතිබුණ නිසා මම අකමැත්තෙන් වුවත් මුව ආවරණය පැළඳ ගත්තෙමි. මම පාසලේ සිටි නව පිළිගැනීමේ නිලධාරිනියක් සමඟ මගේ අප්‍රසන්නකම පෙන්නුම් කරන්න යාමේදී, මගේ මුව ආවරණයේ තිබු වචනය නිසා මම නිහඬ වුයෙමි. සංකීර්ණ ක්‍රමයක් හඳුනා ගැනීමට උත්සාහ කරන පුද්ගලයෙකුට නොඉවසිලිමත් වන්නාවූ, මගේ මුඛය හරහා “ආශීර්වාද ලත්” යන වචනය මුද්‍රණය කරන ලද මුව ආවරණයක් සමඟ ඇවිදින කුහකයෙකු මෙන් වන්නට මම අකැමති වූයෙමි.

මගේ මුව ආවරණයේ තිබු අකුරු ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් මගේ සාක්ෂිය මට මතක් කර දුන්නද, මගේ හදවතේ ඇති ශුද්ධ ලියවිල්ලේ වචන අන් අය සමඟ ඉවසීමෙන් කටයුතු කිරීමට සැබෑ මතක් කිරීමක් විය යුතුය. පාවුල් කොරින්තිවරුන්ට ලියූ පරිදි, “තීන්තවලින් නොව ජීවමාන දෙවියන්වහන්සේගේ ආත්මයෙන් ද ගල් ලෑලිවල නොව මාංස වූ සිත් නැමති ලෑලි වලද ලියා තිබෙන ක්‍රිස්තුස් වහන්සේගේ පත්‍රයක් බව ප්‍රකාශව තිබේ” (2 කොරින්ති 3:3). (The Holy Spirit who “gives life” is not in the Sinhala Bible – V6) “ජීවත් කරන” ශුද්ධාත්මයාණන්ට (6 පදය) “ප්‍රේමයෙන්, ප්‍රීතියෙන්, සාමයෙන්” සහ “ඉවසීමෙන්” (ගලාති 5:22) අපට ජීවත් වීමට උපකාර කළ හැකිය. අප තුළ තිබෙන උන්වහන්සේගේ අභිමුඛයෙන් අපි සැබවින්ම ආශීර්වාද ලබන්නෙමු!